IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රුසියාවට එරෙහි යෝජනාවක් සම්මත කර ගනියි

රුසියානු හමුදා යුක්රේනයේ සිදු කරන හමුදා මෙහෙයුම කොන්දේසි විරහිතව නතර කළ යුතු බවට එකසත් ජාතීන්ගේ මහ සමුළුව යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත කර ගෙන ඇත.

යුක්රේන ගැටුම සම්බන්ධයෙන් මහ සමුළුවේ විශේෂ සැසියක් පසුගිය 28 සහ 1 වැනිදා පැවති අතර ඡන්දය විමසීම බදාදා දින සිදු විය.

එක්සත් ජාතීන්ගේ මහ සභාව සාමාජික රටවල් 193 කින් සමන්විත වන අතර, මෙම යෝජනාවට පක්ෂව රටවල් 141 ඡන්දය ලබා දුන්නේය.

සිරියාව,බෙලරුසය, උතුරු කොරියාව, එරිත්‍රියාව සහ රුසියාව මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දී ඇත.
සාමාජික රටවල් 35 ක් මෙම යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී ඇත. ඒ අතරේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ, චීනය ද සිටී.

එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ සභාපති අබ්දුල්ලා ෂහීඞ් මෙම යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාවේ දී සමුළුවට එක් වී සිටි සියලුම තානාපතිවරු සතුටට පත්ව අසුන්වලින් නැගිට අත්පොළසන් දුන්හ. කෙසේ නමුත් සභාපති අබ්දුල්ලා ෂහීඞ් යෝජනාව ඉදිරිපත් කිරීමට එම අත්පොලසන් හඬ බාධාවක් වී තිබේ.

රුසියාව වහාම, කොන්දේසි විරහිතව තම හමුදා සම්පුර්ණයෙන්ම යුක්රේනයෙන් ඉවත් කරගත යුතු බව එම යෝජනාවේ සඳහන් වෙයි. මෙම යෝජනාවට රටවල් 90 ක් අනුග්‍රහය දැක්වූ අතර මෙම යෝජනාව සම්මත කිරීමට මහ සමුළුවේ 2/3 බහුතර කැමැත්ත අවශ්‍ය විය.

“මෙම යෝජනාව සම්මත කිරීම තුළින් අපි දෙන පණිවුඩය පැහැදිලි වාහාම යුක්රේනයට කරන පහරදීම් නවත්වන්න, රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ගයකට පිවිසෙන්න” යැයි සභාපති අබ්දුල්ලා ෂහීඞ් අවධාරණය කළේය.

(එක්සත් ජාතීන්ගේ සංවිධානය)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (1)

රුසියාවට එරෙහි යෝජනාවක් සම්මත කර ගනියි

බණ්ඩාර සමරකෝන් Friday, 04 March 2022 10:16 AM

යුද්ධය එපා... එය මාගේ ප්‍රාර්ථනයයි. නමුත් ඇමරිකාව ඉරාකයට, ලිබියාවට ගහන කොට ඒ රටවල් වල නායකයින් බල්ලන් වගේ මරලා දාපු එක හොඳද? ඒක සාධාරණයිද? එතකොට ඔය අත්පොළසන් දීපු අය කොහේද හිටියේ?... ලෝකය ඇමරිකාවට ඕන ඕනෑ විදිහට නටවන්න දෙන්න බෑ.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 277 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site