IMG-LOGO

රුසියාව ශ්‍රී ලංකාවට සිය අප්‍රසාදය පළ කරයි

(විමුක්ති එස් රුද්‍රිගු සහ යොහාන් භාසුර)

එරොෆ්ලෝට් ගුවන් සමාගමේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානයක් ශ්‍රී ලංකා බලධාරීන් රඳවා තබා ගැනීම පිළිබඳව රුසියාව සිය විරෝධතාව ඊයේ(03) ප්‍රකාශ කළේය.

මොස්කව් හි ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය ඊයේ (03) රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවීමක් කර තිබූ අතර එහිදී රුසියානු රජය සිය විරෝධතාව පළ කර ඇත.

"ශ්‍රී ලංකාව සහ රුසියාව අතර මිත්‍රශීලි ද්විපාර්ශ්වික සබඳතා වලට අහිතකර බලපෑමක් එල්ල වෙන්න කලින් අපි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා හැකි ඉක්මණින් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්න කියලා " යැයි රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළ බව රුසියානු ටාස් පුවත් සේවය වාර්තා කළේය.

මොස්කව් හි ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය ඊයේ(03) රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයට ගිය අවස්ථාවේ කොළඹ සිට මොස්කව් බලා පිටත් වීමට සූදානම් වූ එරොෆ්ලෝට් වාණිජ ගුවන් යානයක් රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් ගත් පදනම් විරහිත තීරණය සම්බන්ධයෙන් රුසියානු රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානියා විරෝධය පළ කළ බව රුසියානු මාධ්‍ය වාර්තා කළේය.

රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රදවා තබා ගැනීමක් සිදු නොකරන බවට ලිඛිත එකඟතාවයක් ද පළ කර ඇත.

 



අදහස් (8)

රුසියාව ශ්‍රී ලංකාවට සිය අප්‍රසාදය පළ කරයි

ජයරත්න Saturday, 04 June 2022 11:12 AM

බල-ශක්තිය

:       0       0

කිරි පුතා Saturday, 04 June 2022 01:24 PM

අනුවණයින් හොඳම මිතුරෙක් තරහ කරගත්තා. පණ ඇති රජයක් තිබේනම් වහාම මේ ගැන ක්‍රියාත්මක විය යුතුයි.

:       4       32

sujeewa Saturday, 04 June 2022 02:01 PM

ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන විධායක ජනාධිපතිවරයෙක් සිටිය යුතු බවට තහවුරු කළ හැකි බොහෝ කරුණු මත මෙයද එක හේතුවකි...!!!

:       18       29

Ruwan RSaturday, 04 June 2022 05:35 PM

ඉතින් දැනුත් ඉන්නවනේ... මොකක්ද වටිනාකම..?

:       8       11

sujeewaSunday, 05 June 2022 10:23 AM

ඉන්න කෙනා ගැන නෙවෙයි මම කියන්නේ තනතුර ගැනයි. 69 ලක්ෂයකගේ ජන මතය සහ පාර්ලිමේන්තුවේ 2/3 ක ජන මතය අමු අමුවේ උල්ලංඝණය කරපු නිසා තමයි ඔවුන්ට විරුද්ධව නැවතත් ජන මතය ගොඩ නැගී ඇත්තේ. ජනාධිපතිවරයෙක් ජන මතයෙන් වෙනස් කිරීම තරම් ලේසි නැහැ පාර්ලිමේන්තු බහුතර කැමැත්ත රැක ගත හැකි අගමැති වරයකු ඉවත් කිරීම. විශේෂයෙන්ම මුදල් හා වරප්‍රසාද කියන සාධක මත අගමැතිවරයකු මහජනතාව අපේක්ෂා නොකරන පරිදි නැවත නැවතත් අගමැතිවරයකු බවට පත් කරවිය හැකිය. සෘජු ජනමතය තමයි වැදගත්ම සාධකය.

:       0       0

Lalith Saturday, 04 June 2022 04:05 PM

රුසියාවලින් ඩොලර් 35 තෙල් බැරල් එකක් ගන්න පුළුවන්කම තියෙද්දී මේ අයගේ කොමිස් නැතිවෙන නිසා තවම ගන්නේ වැඩිමිලට ඩුබායි හරහා... ඉතින් මෙහෙම වැඩක් කරලා රුසියාව තරහා කර ගත්තාම අපිට තෙල් දෙන්න බෑ කියනවනේ... එතකොට නිකන්ම කොමිස් කාක්කන්ගේ වැඩේ වෙනවා.

:       5       27

Bamunuarachchi Saturday, 04 June 2022 06:56 PM

අමෙරිකානුවන්ට කත් අදින පාලකයින් බලයට ආවාම ඔහොම වෙනවා. 1956 කලින් රුසියානු නැවකට වතුර ගන්නවත් කොළඹ වරායට එන්න දුන්නේ නැහැ. එතැනත් කෙළවා ගත්තා වගෙයි...

:       3       25

Demuni Uduwara Sunday, 05 June 2022 06:33 AM

අපේ ජනාධිපති කෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 397 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 274 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site