
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර ක්‍රීඩාවේ සහයෝගීතාවය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකාව සහ රුසියා සමූහාණ්ඩුව අතර ක්‍රීඩාවේ සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස 2021/7/12 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණත් ඉන් අනතුරුව එකී අවබෝධතා ගිවිසුමට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් අපේක්ෂිත පරිදි ගිවිසුම අත්සන් කිරීමට හැකිවී නැතැයි රජය පවසයි.
එම සංශෝධන ඇතුළත්ව නැවත පිළියෙල කරනු ලැබ ඇති කෙටුම්පත් ගිවිසුම සඳහා නීතිපති අවසරය ලැබී තිබේ.
එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd