
රුසියාවේ මොස්කව් නගරයට අද (30) උදෑසන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් මොස්කව් නගරයේ ගොඩනැගිලි කිහිපයකට සුළු අලාභානි සිදුව ඇත.
ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් අලාභානි වූ මහල් නිවාස ගොඩනැගිලි දෙකක පදිංචිකරුවන් එම ගොඩනැගිලිවලින් ඉවත් කිරීමට නගරාධිපති සර්ගේ සොබ්යානින් කටයුතු කර තිබේ.කෙසේ වෙතත් ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූ ගොඩනැගිලිවල පදිංචි පුද්ගලයන් කිසිවකුටත් දරුණු තුවාල සිදුව නැතැයි රුසියානු බලධාරීන් පවසා ඇත.
පුද්ගලයන් දෙදෙනකුට පමණක් ප්‍රථමාධාර ලබා දුන් බවත් කිසිවෙකුත් තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කර නොමැති බවත් රුසියානු බලධාරීන් පෙන්වා දී තිබේ.මෙම ඩ්‍රෝන ප්‍රහාරයේ වගකීම යුක්රේනය බාර ගත යුතු බව රුසියාව පවසා ඇත.
034
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd