IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


රසායනික ප්‍රහාරයකට මුහුණ දෙන්න පෙරහුරුවක්

(යොහාන් භාසුර)

රසායනික, න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රව්‍ය ප්‍රහාරයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පුහුණු අභ්‍යාසයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ කොළඹ ජාතික රෝහල එක්ව ජාතික රෝහල් පරිශ්‍රයේදී අද (11) පැවැත්වීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රව්‍ය පක්ශාංගය සහ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ එක්ව මෙම පුහුණු අභ්‍යාසය සංවිධානය කළේය.

එවැනි හදිසි ආපදාවකදී අවම කාලයක් තුළ රෝගීන් ගුවනින් හෝ ගොඩබිමින් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සහ ක්ෂණික ප්‍රතිකාර ලබාදීමේ පුහුණුව මෙම අභ්‍යාසයේ මූලික අරමුණ විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රව්‍ය පක්ශාංගයෙ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් සහ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ කාර්ය මණ්ඩලය මෙම අභ්‍යාසයට සහභාගි වූහ.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙම පුහුණු අභ්‍යාසය පැවැත්විණි. 



අදහස් (1)

රසායනික ප්‍රහාරයකට මුහුණ දෙන්න පෙරහුරුවක්

Nandasena gr Friday, 12 May 2023 05:49 AM

දැන් කවුද අපිට රසායනික අවි වලින් ගහන්න එන්නෙ.බංකොලොත් වෙච්ච රටකට රසායනික අවි වලින් ගහලා මොනා ගන්න ද?විකාර වැඩ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 283 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 811 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1224 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site