
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයෝ දෙදෙනෙක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණයහ.
රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර ජාත්‍යන්තර ඍජු ගුවන් ගමන් ඇණ හිට තිබීම නිසා මෙම නියෝජිතයෝ බහරේන් හරහා මෙසේ කටුනායක වෙත පැමිණියහ.
මොවුන් දෙදෙනා පිළිගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ විමල් මහත්තයා යන්නේ පිළිගන්න. රජයේ කවුරුත් නැද්ද? රුසියාවෙන් ලංකාවට ඇවිත් අපිට තෙල් දෙන්න සාකච්ඡා කරනවා කියන්නේ විශ්වාස කරන්න අමාරුයි. රුසියාව කියන්නේ බලවත් රටක් කවුරුවත් ළඟට ගිහින් තෙල් දෙන්නම් අපි ණයට ඔයාලාට කියයිද? තෙල් සමාගමක නියෝජිතයින් දෙන්නෙක් නම් වෙන්න බෑ...
රුසියාව, චීනය වැනි රටවල් තාම ඉන්නේ අධිරාජ්‍යවාදී මතවාදයන් වල එල්බිලා. මේ රටවල සිටින ප්‍රජාතන්ත්‍රවාදය අගයන් උගත් මිනිසුන් වෙනත් රටවලට සංක්‍රමනය වෙනවා. අද වනවිට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අධිරාජ්‍යවාදී වැඩපිළිවෙලින් බැහැරවෙලා, ඔවුන් දැන් ක්‍රියාත්මක කරන්නේ මිත්‍ර සංධාන ගොඩ නැංවීම තුළින් ආර්තික සහ අරක්ෂාව තහවුරු කිරීම. අනික් ප්‍රධානම කාරණයක් වෙන්නේ චීනය හෝ රුසියාව නිසා ලෝකයේ සංවර්ධනය වූ රටවල් ගැන අසා නැති තරම් වන නමුත් ආර්තික සහ දේශපාලන වශයෙන් විනාශ වූ රටවල් දැකගත හැක. හොඳම උදාහරණය ශ්‍රී ලංකාව. අප වැනි දූෂිත දේශපාලකයින් පාලනය කරන රටකට යම් කිසි රටක් හෝ සංවිධානයක් ණය සහ ආධාර ලබාදීමේ දී එම මුදල් කෙතරම් විනිවිධ භාවයකින් යුතුව ආර්තික වශයෙන්, යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම සමාජ සුභසාධනය වෙනුවෙන් යොදවනවා ද යන්න නිසි විමසීමකින් කළයුතු වන අතර එසේ නොවන්නේ නම් එම රටවල් (උදා : මියන්මාරය, උතුරු කොරියාව, කෙන්යාව, උගන්ඩාව, ශ්‍රී ලංකාව වැනි රටවල්) කරන්නේ දැනුවත්ම හෝ නොදැනුවත්ම එම රටවල් අන්ත දූගී, ගෝත්‍රික රටවල් බවට පත් කිරීමයි... එමගින් ඔවුන්ට හිතැති පාලකයින් පත්කොට ඔවුන්ගේ ආදිපත්‍යය එම රටවලට ව්‍යාප්ත වීමයි.
අනේ අම්මේ..! කොයි තරම් හිතට සැනසිල්ලක්ද? දෙයියෝ වැඩියා වගෙයි. වේලි වේලි උන්නු අපිට ඇවිත් ගියත් මදිද අනේ?
රනිල් ඒගොල්ලෝ ආපහු යන ප්ලේන් එකත් අත් අඩංගුවට ගන්න බැරි නැහැ...!!!
වාහනේ අංකයට ගැලපෙන්නේ කැට් නෙමෙයි ෆොක්ස්..!
මේ බ්‍රා්කර්ක් දෙන්නෙක් නෙමෙයි නේද?
ණයට කන බොන කාර් එලවන එක නෙමෙයි ප්‍රශ්නෙ. කොහොමද ගෙවන්නෙ ?
රුසියාවෙන් තෙල් ලබාගන්න නම් ඉස්සෙල්ලම ඇමෙරිකන් කාරයෝ ලංකාවෙන් එළවලා දාන්න සිද්ද වෙයි.. කාලා වරෙන්කෝ කිව්වලු..!
මේ රජය එදා වේල ටුවර්ස් වගේ ලෝකෙ රටවල් වලින් හිගාකාල රට තවත් කී දවසක් ගෙනියන්න??? අනේ දෙයියනේ තවත් ජනතාවට අපා දුක් වද නොදී මේ කාලකන්නි රජය අද හෙටම යන්න ඕන. නැත්නම් මුලු සමස්ත රටම ඉවරට ඉවරයි.
විමලේ ආරාධනා කෙරුවා විතරයි රුසියාවෙන් ආවා. තෙල්දෙන හැටි බලාගන්න බැරිවෙන එකක් නැහැ.