රුසියාවේ ප්‍රධාන කුලී හේවා කණ්ඩායමක් වන වැග්නර් ක්‍රියාත්මක කළ කැරැල්ලට ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ සංවිධානය සම්බන්ධ බව රුසියාව සහ ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
සී.අයි.ඒ සංවිධානය වැග්නර් කණඩායම සමඟ සබඳතා ගොඩනගා ගනිමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පාලනයට එරෙහිව කැරැල්ලක් දියත් කිරීම සඳහා වැග්නර් කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 ක මුදලක් සී.අයි.ඒ සංවිධානය ලබා දී ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පෙන්වා දී ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.
ඇමෙරිකාව යුක්රේනයට ලබා දුන් ආධාර ගිණුම්ගත කිරීමේදී සිදු ව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක ගිණුම්කරන දෝෂයේ මුදල් වැග්නර් කණ්ඩායමට ලබා දී ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් චෝදනා කර ඇත.
කෙසේ නමුත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා තිබුනේ රුසියාව චෝදනා කළ ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක ගිණුම්කරණ දෝෂය සැබැවින්ම දෝෂයක් නොවන බවත් යුක්රේනය ලබා දුන් යුද උපකරණ නැවත ලබා ගැනීමේදී ඇමෙරිකාවට අමතර ඩොලර් බිලියන 6 ක මුදලක් වැය වන බවත්ය.
පසුගියදා රුසියානු ආරක්ෂක අමාත්‍යංශය වැග්නර් කඳවුරකට පහරදුන් බව චෝදනා කරමින් වැග්නර් ප්‍රධානි යෙවුගනී ප්‍රිගෝජීන් කැරැල්ලක් ආරම්භ කළ අතර එම අවස්ථාවේ රුසියානු නගරයක් අල්ලා ගත් අතර හමුදා මධ්‍යස්ථානයක් පාලනයද අතට ගත්තේය.අනතුරුව වැග්නර් හමුදා කණ්ඩායමක් පාගමනේ මොස්කව් දෙසට පැමිණි අතර බෙලරුසියානු ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් වැග්නර් ප්‍රධානි යෙවුගනී ප්‍රිගෝජීන් කැරැල්ල අතරමග නවතා දැමිණි.
වැග්නර් ප්‍රධානි යෙවුගනී ප්‍රිගෝජීන් එරෙහිව රුසියානු ආරක්ෂක අංශ ගොනු කර ඇති අපරාධ චෝදනා ඉවත්කරගෙන නොමැති අතර එම චෝදනාවලට වැරදිකරු වුවහොත් අවුරුදු 12 - 20 ත් අතර කාලයක සිර දඬුවමකට යටත් වීමට සිදුවන බවද පැවැසෙයි.
මේ අවස්ථාව වන විට වැග්නර් කණ්ඩායම අල්ලා ගත් නගරයෙන් සොල්දාදුවන් ඉවත් වෙමින් සිටී. එසේම වැග්නර් සොල්දාදුවන් රණවිරුවන් බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය හෝ වෙනත් ආරක්ෂක සමාගමක ලියාපදිංචි වීමට ඔවුන්ට අවස්ථාව තිබෙන බවත් ජනාධිපති පුටින් පවසා තිබේ.
කෙසේ නමුත් තමන් ජනාධිපති පුටින් පාලනය පෙරළා දැමීමට උත්සාහ නොකළ බවත් හුදෙක් එය විරෝධතාවය ප්‍රකාශ කිරීමක් පමණක් බවත් වැග්නර් ප්‍රධානියා ප්‍රකාශ කර ඇත. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ වැග්නර් කණ්ඩායම ක්‍රියාත්මක කළ කැරැල්ලට ඇමෙරිකාවේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.
(034)
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියා කුලී හේවායනට ඇමෙරිකාව සහාය දීලා?
කිරිපුතා Tuesday, 27 June 2023 06:36 PM
ලෝකයේ කොතැනද තනියෙම හිස ඔසවන්න යන රටකට අකුලක් හෙළන්නේ එතන ඇමරිකාව .