IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රෝසිට ලොකු තනතුරක්

(අංජුල මහික වීරරත්න)

කොළඹ නගර සභාවේ හිටපු පුරපතිනී රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයට පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

යහපාලන රජය සමයේ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සේනානායක මහත්මිය කලක් මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය  ලෙසද කටයුතු කළාය.

රෝසි සේනානායක මහත්මිය 1980 වසරේදී ශ්‍රී ලංකා රූ රැජින ලෙස ද 1985 වසරේදී ලෝක විවාහක රූ රැජින ලෙස ද කිරුළු පැළඳ තිබේ.



අදහස් (9)

රෝසිට ලොකු තනතුරක්

දාස Saturday, 27 May 2023 05:14 AM

දැන් නැවත සැප..., මේ තමයි මේ බලු ක්‍රමය, මිනිසුනේ මේ දෙගොල්ලන්ම මෙවර කම්බස් කරමු...

:       0       10

ලමය Saturday, 27 May 2023 05:40 AM

එයාට ලොකු තනතුරු, මෙහේ රට්ටු ඉන්නෙ වැලේ වැල් නැතිව, දැන් මොනවද වාහනේ, ඩ්‍රයිවර් පඩි, අපෙන්, අනේ අපේ රටට, ජනතාවට ගිය කලක්.., දැනෙන්නේ අපේ රට හොරු ටිකක් අල්ලගෙන, පාලනය කරනවා වගේ...!

:       0       12

Bamunuarachchi Saturday, 27 May 2023 11:25 AM

දැන් මෙයාගේ පරණ රූප සුන්දරී කතාව අපිට වැඩක් නැහැ. ඒ කාලේ හිටිය මෙයාට වඩා ලස්සන හින්දි නිළියන්ගේ අද ලස්සන යූටියුබ් එකෙන් බලාගෙන අපිට අනිත්‍ය සිහිකරන්න පුළුවන්...

:       1       7

සසර Saturday, 27 May 2023 02:03 PM

ලෝකේ දුප්පත්කම 11 වෙනියාට. පාසල් ළමුන්ගේ දක්ෂතාවන් වලට මේ ඉඩ වෙන්කළා නම් රටට මීට වඩා යහපතක් සිදුවේ...

:       0       8

swene Saturday, 27 May 2023 02:04 PM

දැනුම් සම්භාරයක් තියෙන අයෙක් වෙන්නැති, ජනතාවගේ බදු මුදලින් අදාළ දීමනා සහ වරප්‍රසාද ගෙවා උපදේශක තනතුරට පත් කරන්න ඇත්තේ...

:       1       6

Kazi Shajahan Saturday, 27 May 2023 03:58 PM

දැන් ලොක්කට උපදෙස් දෙන්නේ ලොක්කගේම ගෝලයොනේ... ගුරාට ගෝලයෝ අකුරු කියලා දෙති... අපිටද පිස්සු.. නැතිනම් ගෝලයාටද?

:       0       7

ගමේ එකාලා Saturday, 27 May 2023 04:47 PM

පින් ජනපතියාට ගොට්ට අල්ලපු කෙනෙක් නිසා ලොකු තනතුරක් දෙන්න ඇති

:       0       7

Sunil Saturday, 27 May 2023 06:07 PM

දැන් නම් සෑම පළාත් පාලන ආයතනයකම ජාත්‍යන්තර මට්ටමේ වැසිකිලි සාදයි .එයට කල කිත් එපමණයි

:       0       0

පිනා Saturday, 27 May 2023 10:53 PM

හරිම තරුණයි එයා. තරුණයින්ට අවස්ථාව දෙනවා කියා ජනාධිපති තුමා කීවා, වැඩේ තිතට කරලා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site