
(කාංචන කුමාර ආරියදාස)
පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙකා පරයා ගමන් ධාවනයට කිරීමට ගොස් දඹුල්ල රෝහල් ඉදිරිපිට දී බස්රථ දෙක එකිනෙක යාවී පෞද්ගලික බසයේ සිටි මගින් 50 කට අධික පිරිස පැයට ආසන්න කාලයක් බස් තුළ සිරවීමෙන් ඔවුහු දැඩි අපහසුතාවයට පත් වූහ.
අනුරාධපුරයේ සිට මහනුවර බලා ධාවනය වූ ලංගම බසයක් සහ පොලොන්නරුව අරුණපුර සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බසයක් මෙසේ අනතුරට ලක් විය.
දඹුල්ල නගරයෙන් මෙම බස් රථ දෙක එකම වේලාවට ධාවන ආරම්භ කොට නගරයේ සිට කිලෝ කිලෝමීටර් එකක් පමණ දුර එකිනෙකා ඉස්සර කිරීමට නොදී අපරික්ශාකාරිව ධාවනය වූ බව මගින් පවසති.
ඒ අනුව දඹුල්ල රෝහල ඉදිරිපිට දී ලංගම බස් රථය පසුකර යෑමට පෞද්ගලික බස් රථය සූදානම් වනවාත් සමඟ මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස්රථ දෙකේම මගින් සියයකට අධික පිරිසක් සිට තිබේ,පෞද්ගලික බස් රථය සිර වීමත් සමග එහි සිටි මගින් 50 කට අධික පිරිසක් බස් රථයෙන් බැස ගැනීමට නොහැකිව බස් රථයේ සිරවී සිටි බව බස් රථය තුළ ගමන් කරමින් සිටී භික්ෂූන් වහන්සේ නමක් අප සමග සඳහන් කළහ.
දඹුල්ල රථවාහන පොලිසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කොට පෞද්ගලික බස් රථයේ සිටි මගීන් කඩිනමින් එළියට ගැනීම සඳහා ලංගම බස් රථය ඉවත් කිරීමට පියවර ගත්තේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්ගම බස් ඒකේ රියඳුරු අත වරද නැති උනත් පොලිසියෙන් අතඩංගුවට ගත් නැද්ද?
ලංකාවේ මගී බස්රථ රියදුරන්ට NVQ මට්ටමේ රියදුරු ඩිම්ප්ලොමාවක් හදුන්වා දී උගත් බුද්ධිමත්, විනය ගරුක රියදුරන්ට පමණක් මගී බස් රථ ධාවනය කිරිමට බලපත් දීම. සෑම රියදුරෙක්ම අධික්ෂණය කර ලකුණු ලබා දීම.
එකිනෙකට ඇමිණුන බස්රථ වල ඩ්‍රයිවර්ලා මිනීමැරීමට තැත්කිරීම යටතේ අත්අඩංගුවට ගන්න...
ලංකාවේ බස් එක්කෝ රේස් යනවා... එහෙම නැත්නම් මගීන්ගේ කාලය කමින් ඉබිගමනේ ගාට ගාට යනවා. සාමාන්‍ය වේගයෙන් ගමන් කරන බස් ලංකාවේ නැහැ. මේවා පාලනය කරන්න රජයේ නිලධාරියෝ අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් හිටියත් ඔවුන් රාජකාරිය නිසිලෙස ඉටුකරන බවක් පෙනෙන්න නැහැ...
මෙවැනි අනතුරු අද ඊයේ සිට වෙන දේවල් නෙමේනේ.. ඡීවිතයේ සාමාන්‍ය දෙයක් වෙලා දැන් නූනොත් තමා පුදුමයක් වන්නේ... සතියකට 4ක් වත් සිදුවෙනවා මේ රියැදුරන්ගේ වාහන බලපත් අඩුතරමින් වසර 3කට එහා අත් හිටුවා, දඩ මුදලකුත් ගෙවිය යුතු විදියට නීතියක් තියෙන්නේ... ඒ හා සම්බන්ධ නිලධාරීන් රජයට බැල මෙහෙවර කරනකම් ඒවත් හබස්...
ප්‍රයිවට් බස් එකට වැඩි වාසි ලැබෙනු ඇත. අපි නොදන්නා පොලිසිය..
මෙවැනි අනතුරු අද, ඊයේ සිට වෙන දේවල් නෙමේනේ... ඡීවිතයේ සාමාන්‍ය දෙයක් වෙලා... දැන් නූනොත් තමයි පුදුමයක් වන්නේ.. සතියකට 4ක් වත් සිදුවෙනවා... මේ රියැදුරන්ගේ වාහන බලපත් අඩුතරමින් වසර 3කට එහා අත්හිටුවා, දඩ මුලකුත් ගෙවිය යුතු විදියට නීතියක් තියෙන්න ඕනෑ... කොහෙද පොලිසියට, ඒ හා සම්බන්ධ නිලධාරීන් රඡයට බැලමෙහෙවර කරනකම් ඒවත් හබස්....!
රියදුරන් තරගෙට ඉගිල්ලෙන්න හදනවා. මේ වගේ දේවලින් අනතුරට පත්වෙන්නේ.., ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන්නේ අසරණ මගීන්ට... මේ වගේ රියදුරන්ට නීතියෙන් දැඩි දඬුවම් දිය යුතුයි.
ඕකේ වරදකරුට දඬුවම් ලැබිය යුතුයි. මින් ඉදිරියට මෙවැනි දේ නොවීමට පොලිස් බලධාරීන් වගබලා ගත යුතුයි.
රියදුරු අසුන අසල දොර හා හදිසි දොර ලෙස දකුණු පැත්තේ දොරවල් 2ක් තියෙද්දී මොකටද මගීන් පැයක් බසයේ හිරවෙලා හිටියේ?
ඔළුව නැති නූගත් අය රියදුරු රැකියා කරද්දී මෙහෙම වෙනවා. චික් විතරක්...!