(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රීඩා අරමුදලට ප්‍රදානය කළ මුදල් අවභාවිත කළේ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂන් රණසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සෙසු ක්‍රීඩාවල සංවර්ධන සඳහා ක්‍රීඩා අරමුදලට ප්‍රධාන කළ මුදල් ප්‍රයෝජනයට ගත් ආකාරය නිසි පරිදි අනාවරණය කර නොමැති බවත් එම මුදල් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය හෙළි කර ඇති තොරතුරු සම්බන්ධයෙන් පැහැදිළි විෂමතා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
අල්ලස් කොමිසමට කළ පැමිණිල්ල තහවුරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැපවී සිටින බවත් ක්‍රීඩා පරිපාලන ක්ෂේත්‍රය තුළ පාලනයේ සහ ආචාරධර්මවල ඉහළම ප්‍රමිතිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරනු ඇතැයි විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වලත්ත රෑනක් පාර්ලිමේන්තුවට අභියෝග කරන මට්ටමට රටේ නීතිය ක්‍රියාත්මක කිරීම පිරිහිලා...
පළිගැනීම් ඉවරයක් නෑ වගේ... !
පරිසරය පිළිබඳ අවම සැලකිල්ලක් දක්වන ප්‍රජාවක් සිටින රටක් මේක. සුපර් මාකට් හෝ සාමාන්‍ය කඩයකට ගිහිං ජාති 5ක් මිල දී ගත්තොත් සිලි මලු 5කට වෙන වෙනම ඒවා දාගන්න ජාතියේ මිනිස්සු අපට ඉන්නේ. ඒ නිසා මෙය ඉතාම හොඳ පියවරක්. අජිත් මාන්නප්පෙරුම ඇතුලු සියලු මන්ත්‍රීවරුන්ට ස්තුතියි.
ඇයි ඉතින් මේ වෙනකල් හිටියේ ඕක කියන්න? මෙහෙම ගියොත් කොහොම වුණත් කාගෙ කාගෙත් රෙදි නම් ගැලවෙයි...