IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රොෂාන්ගේ ජීවිතය අනතුරේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කවුරු හොරු සමග හෙලුවෙන් හිටියත්  රොෂාන් රණසිංහ සහෝදර මන්ත්‍රීවරයාගේ  ජීවිතාරක්ෂාව තහවුරු කිරීම අගමැතිවරයාගේ කතානායකවරයාගේ වගකීමක් බව  මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.

විධායකයයෙන් මහජන නියෝජිතයකුට මරණ තර්ජන එල්ල වුණු අවස්ථාවක් මෙරට පාර්ලිමේන්තුවෙන් මෙන්ම ලෝක පාර්ලිමේන්තුවෙන්ද මෙතෙක් වාර්තාවී නොතිබූ බව පැවසූ මන්ත්‍රීවරයා  රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාගේ ජීවිතය අද දැඩි අවදානමක  පවතින බවද  ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ  පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය  පිළිබඳ අයවැය කාරක  සභා අවස්ථාවේ විවාදයේදීය.

ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද පැවසීය.

විෂය පථයට පැමිණෙන්න පෙර අදාල නොවුණත්  වෙනත් කාරණයක් ගැන මේ සභාවේ අවධානය යොමු කරන්න කැමතියි. ඊයේ සහෝදර මන්ත්‍රීවරයෙක් රොෂාන් රණසිංහ   බරපතළ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළා. විධායකයෙන් ඔහුට එල්ල වන මරණ තර්ජන ගැන. මේ පාර්ලිමේන්තු  ඉතිහාසයේ එවැනි සටහනක් මීට පෙර තිබී  නැහැ. මහජන නියෝජිතයකුට  විධායකයෙන් මරණ තර්ජන එල්ලවූ අවස්ථාවක් ලෝක පාර්ලිමේන්තුවෙන්වත්  වාර්තා වෙලා නෑ. 

රොෂාන් කියන විදියට කැමති කෙනෙක් හෙලු සමග හෙළුවෙන් හෙලුවෙන් සිට ගත්තාවේ. අද ඔහුගේ ජීවිත අවදානමේ. එතුමාගේ ආරක්ෂාව තහවුරු කරන එක අගමැතිවරයාගේ කතානායකවරයාගේ වගකීමක්. අගමැතිතුමා මේ කාරණය  ගැඹුරින් අත්පත් කර ගනීවි කියලා හිතනවා.

මහජන නියෝජිත ආයතන දෙකක්  අද මුළුමනින්ම අකර්මණ්‍ය වෙලා. ආයතන තුනෙන් දෙකක් වහල දාල. ඒක සතුටු වෙන්න පුළුවන් දෙයක් නොවෙයි. මොන ආණ්ඩුව හිටියත් මෙය  ප්‍රජාතන්ත්‍රවාදයේ සොහොන් ලකුණක්. මැතිවරණ ප්‍රතිසංස්කරණ සදහා සඳහා කමිටු තුනක් පත් කරලා තියනවා. තුන්වෙනි කමිටුව රැස්වීම් වාර විසිනවයක් තියලා තියෙනවා. මේ කමිටු තුනේම සභාපතිත්වය දැරුවේ දිනේෂ් ගුණවර්ධන. රාජකීය මිත්‍රයෙක් රාජකීය මිත්‍රයා අමාරුවෙ දාලා තියෙනවා. මෙය මැතිවරණ ප්‍රතිසංස්කරණ නාමයෙන් මැතිවරණ කල් දමන උපක්‍රමයක්. පාර්ලිමේන්තුවෙන් එළියෙත් කමිටුවක් පත්කළා. පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් ප්‍රගතිශීලී යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ගැන රටේ අවධානය යොමු වෙලා මදි. අමාත්‍යවරු මේ ගැන තීරණයක් ගන්න ඕන.

ග්‍රාම නිලධාරීන්ට අද වෙනතුරු සේවා ව්‍යවස්ථාවක් නෑ.  ගමන් දීමනාව තියෙන්නෙ මාසෙකට රුපියල් 600යි. ග්‍රාම නිලධාරී පුරප්පාඩු තුන්දාහක් විතර තියෙනවා.

මේ පුරප්පාඩු  නොපිරවීම අසාධාරණයක්. මැතිවරණ ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පත් කරමින් මැතිවරණ කල් දමන්න එපා කියලා ඉල්ලීම් කරනවා.



අදහස් (3)

රොෂාන්ගේ ජීවිතය අනතුරේ

abaran Tuesday, 28 November 2023 02:00 PM

ඊළඟ චන්දෙන් පස්සේ ඔහෙත් නිකන්ම නිකන් මනුස්සයෙක් විතරයි . කාලයක් සාරි පොටේ එල්ලිලා හිටිය . පස්සේ සාටකේ එල්ලිලා හිටිය . ඒ ආණ්ඩු ගෙනාපු හැම පනතකටම ඇත ඉස්සුවා . ශිරාණි බණ්ඩාරනායක පන්නන වැඩේටත් හවුල් ,මිරිස්කුඩු කල්ලිය එක්කත් හිටිය . ද්විත්ව පුරවැසියන්ට චන්දෙ ඉල්ලන්න අවස්ථාව දෙන්නත් ඇත ඉස්සුවා . ඉතින් කොහෙද මනුස්සයෝ ඔහේ මහත්මා දේශපාලකයෙක් වෙන්නේ. මේ වෙලාවේ බලනවා රොෂාන්ගේ ඇඟේ එල්ලිලා පුලුවනිද ගොඩ එන්න කියල . ඕනෑම පොඩි එකෙකුට තේරෙනවා කවදාවත් ආණ්ඩුව රොෂාන්ට පිඩාවක් වෙන්න ඉඩදෙන්නේ නැහැ කියල මොකද කවුරු කලත් එක ආණ්ඩුව පිටින් යවන්න විපක්ෂයේ අප්පුහාමිලා බලාගෙන ඉන්න බව.

:       7       19

Sameera Tuesday, 28 November 2023 02:08 PM

Digitalization කිරිම තුළින් ඉතා දියුණු කාර්යක්ෂම සේවාවක් ලබා ගන්න පුළුවන් ! ඇත්තටම ග්‍රාමනිලධාරි, සමෘද්ධි නිලධාරින් අනවශ්‍යයි! මෙවැනි දැක්මක් නොමැති පිරිසක් පාර්ලිමේන්තුවේ සිටිම රටක් ලෙසින් අප කණගාටුවිය යුතුයි

:       2       20

sali Tuesday, 28 November 2023 02:49 PM

හරක් හොරුන් ගෙන් නේද​?

:       3       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site