(එෆ්.අස්ලම්)
පාස්කු ප්‍රහාරය හා විල්පත්තු ජාතික වනෝද්‍යානය හෙළිකිරීමට එරෙහිව තමාට එල්ල වන චෝදනා ගැන ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනයක් සිදුකරන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (05) ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර ඇත.
විල්පත්අතු ජාතික වනෝද්‍යානය හෙලිකර නිවාස ඉදිකිරීම හා අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට තමා සම්බන්ධ බවට නැගෙන චෝදනා පිළිබඳ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හා පොලිසිය සිදුකළ විමර්ශනවලින් තමා නිර්දෝෂී පුද්ගලයෙකු බව තහවුරු වී තිබෙන බවද රිෂාඩ් බදියුඩීන් මහතා අවධාරණය කර සිටීයි.
එම ලිපියේ මෙසේද සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිධූරයට පත්වීම පිළිබඳව ඔබතුමාට ප්‍රථමයෙන් මාගේ හා මා නියෝජනය කරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාක්ෂිකයන්ගේ හෘදයාංගම සුභපැතුම් එක්කරමි.
රටේ පිළිගත් දේශපාලනික පක්ෂයක් නියෝජනය කරන නායකයෙකු වන මා ඉලක්ක කරගනිමින් මා විසින් නොකරන ලද ක්‍රියා සම්බන්ධයෙන් විවිධ විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය ඔස්සේ සේම මහජනතාව අතරද පදනම් විරහිත අසත්‍ය චෝදනා ප්‍රචාරය කරමින් පටු දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට හා ජාතිවාදය ඇවිලවීම සඳහා ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව මා ඉමහත් කණගාටුවෙන් යුතුව දන්වා සිටිමි.
පසුගිය රජයේ අමාත්‍යධූරය හොබවමින් සිටියදීම මා ඉලක්ක කරගනිමින් චෝදනා එල්ල කිරීමට මෙම පිරිස් කටයුතු කළ අතර එම චෝදනා අතරින් විල්පත්තු රක්ෂිතය හෙලිකර මුස්ලිම් ජනයා පදිංචි කරවීම හා සහරාන් සමඟ සම්බන්ධතා පැවැත්වීම යනාදිය මූලික වේ.
එම චෝදනා වචනයට පමණක් සීමා වී කිසිදු සත්‍යතාවයකින් හෝ වලංගු භාවයකින් තොර හුදෙක් පටු වාසි ලබාගැනීමේ අරමුණින් කළ චෝදනාවන් බව ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමි.
තවද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට මා සම්බන්ධ බවට එල්ල වූ චෝදනා සදහාද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවමගින් විමර්ෂණය කළ අතර පොලිසිය මගින් කළ පරීක්ෂණ හමුවේද මා නිර්දෝශී බව පවසමින් එවකට සිටි වැඩබලන පොලිස්පතිවරයා විසින් කතානායකවරයා වෙත වාර්තාවක්ද ඉදිරිපත් කරන ලදි.
එහෙත් මේ පිරිස් විසින් මෙම මාතෘකාවන් නැවත නැවතත් වැරදි ආකාරයකට කරළියට ගෙනවිත් මේ සිදුකරමින් පවතින මඩ ව්‍යාපාරයෙන් අපහසුතාවයට පත්වන්නේ මාගේ අසරණ සමාජය බව දැන්වීමට කැමැත්තෙමි.
එකාමෙන් සමගියෙන් ජීවත්වන අපගේ මේ මාතෘ භූමියේ ආගම්, ජාති, කුල, බේද ඇති කර රට අස්ථාවර කිරීමේ උත්සාහයක මේ පිරිස යෙදෙන බවද ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමි.
තවද විල්පත්තු රක්ෂිතය තුළ රජයේ ඉඩම් කිසිවක් මාගේ බලය අයථා ලෙස භාවිතා කරමින් විනාශ කර නොමැති බව ඔබතුමාගේ විශේෂ අවධානයට යොමු කරවීමට කැමැත්තෙමි.
1990 වසරේ උතුරු ප්‍රදේශයෙන් අවතැන්වූ මුස්ලිම් ජනතාව හට 2009 වසරෙන් පසුව තම ගම්බිම් වල නැවත පදිංචි වීමේ අවස්ථාව උදාවූ අතර මෙම අවස්ථාව උදාකර දීම සඳහා ඔබතුමා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ලබාදුන් සහයෝගය මා ඉතාමත් කෘතඥපූර්වකව මතක් කිරීමට කැමැත්තෙමි.
වසර 30 ක පමණ කාලයක් මුළුල්ලේ අත්හැර දමා තිබූ මෙම ගම්බිම් වල් බිහිවී සුවිසල් වනයක් බවට පත්විය. එබැවින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය වන රක්ෂිතයක් වශයෙන් නම් කරන ලදි. නමුත් මෙහි යථාර්ථය අවබෝධ කරගත් එවකට සිටි අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකායක් පත්කර එමගින් මෙම ජනතාවගේ ඉඩම් හදුනාගෙන ක්‍රමානුකූලව ඔවුන්ව නැවත පදිංචි කරවීම සඳහා කටයුතු කරන ලදි.
මෙම විල්පත්තු රක්ෂිතය සම්බන්ධයෙන් විවිධ වූ සාකච්ඡා හා රැස්වීම් සමාලෝචන ආදිය පවත්වා මෙහි සත්‍ය අවබෝධ කළ අතර පරිසරවේදීන් විසින්ද එය පිළිගන්නා ලදි.
කරණු මෙසේ තිබියදීත් දිගින් දිගටම මෙම සිද්ධිය පිළිබදවඅසත්‍ය චෝදනා ඉදිරිපත් වෙමින් පවතින බැවින් එම චෝදනා වල සත්‍යතාවය රටට හෙලිකිරීම සදහාත් අප රටේ වටිනා ස්වභාවික සම්පතක් වු විල්පත්තු වනෝද්‍යානයට යම් හෙයකින් හෝ හානියක් වී ඇත්නම් ඒ සදහා වගකිවයුත්තන් කවුරුන්දැයි සොයා බැලීම සදහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කර ඊට අදාල ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
තවද පසුගිය අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින මුලු මහත් ජනතාවම ශෝකයට පත්කරමින් සිදු වු ඒ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන් සමඟ මා සම්බන්ධ යැයි පවසමින් කරන අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ පවත්වා මා නිවැරදි බවට තහවුරු වී ඇතත් අවශ්‍යනම් නැවත ජනාධිපති කොමිසමක් පත්කර එම ප්‍රහාරය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් කරන මෙන්ද ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිමි.‘‘යැයිද ලිපියේ සඳහන් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හප්පා දැන් මොකද කරන්නේ...?
හිත හැදෙන්නත් එක්ක රාජ්‍ය ඇමති තනතුරක් දෙමු නේද?
හා... නේ, මේ වගේ අහිංසකයෙකුට නේද නිරපරාදේ චෝදනා කරන්නේ... වැහි නැති හෙන වදීවි...
ඔබට අසත්‍ය චෝදනා කරන අයට විරුද්දව නඩු පවරා වන්දි ලබාගන්න පුළුවන් නේද කෝටි ගණනින්, ඔබේ කිර්ති නාමයට කැළලක් වුණා කියා. ඔය චෝදනා කිරීම් නවත්වන්න හොඳම ක්‍රමය ඕක තමා.
ජනතාවට අයිතියක් නැහැ හිතළු වලට කතා කියන්න. මනුස්සයෙක්ගෙන් මනුස්සයෙක් වෙනස් වෙන්නේ අපි ඒ දිහා බලන විදිහෙන්, අපි බෞද්ධයෝ නේද? බුදු රජාණන් වහන්සේ දේශනා කලේ උන්නාන්සේ කියන නිසා පෙනෙන නිසා පිළිගන්න එපා, දකින්න නිවැරදිව අවබෝධ කරගන්න නිවැරදිව. අත්විදින්න. මේ දේශනාව ලොව කිසිම ආගමක නැහැ. ජිවත් වෙද්දී මේ අට ලෝ දහම පොදුයි. පරීක්ෂණයක් කරනකන් අපි බලමු. මෙයා වැරද්දක් කරලා කියල මටත් හිතෙනවා. ඒත් අපි කව්ද මෙහෙම මිනිසුන්ට චෝදනා කරන්න. තව බොහෝ දේ අපි ඉගෙනගන්න ඕන ලෝකයෙන්.
කීයටවත් කොමිෂන් ගේන්නේ නැහැ.
හොයන්න ඕනේ CID එකෙනුයි උසාවියෙනුයි. කොමිසමෙන් කරන දෙයක් නැහැ.
අනේ ඔයාලා බබා නේද?
මන්නාරමෙන් පුත්තලමට එනකොට තිබුන වත්කම් සහ අද වෙනකොට තියෙන වත්කම් කොහොමද ආවේ කියලා කියන්නකෝ
කොමිසමේ සභාපති ලෙස බැසිල් මහත්තයව පත් කරන්න. සාමාජිකයකු වශයෙන් හිස්බුල්ලා මහතා පත් කරන්න. මහජන මුදල් ලක්ෂ ගණනක් වැය කරන කොමිසමක් නේ. සාධාරණය හරියටම ඉටු කරයි
ඇත්තටම මේ මනුස්සයාට චෝදනා කරන්නේ බොරුවට. මෙයා නිකම්ම දේශප්‍රේමියෙක් වෙනවා අහවල් පක්ෂයට සහ පවුලට උදව් කරානම්.
ඔය ලස්සනට ලොක්කන්ගේ ඔඩොක්කුවට දාලා තියෙන්නේ බෝලේ=. දැන් ඉතින් දෙන්නකෝ උත්තර. කොළ හෝ නිල් නොවෙන ආණ්ඩුවක් ආවා නම් උත්තර දෙන්න තිබුනා. දැන් ඉතින් වෙන කුමක් කරන්නද.
විල්ල්පත්තු විනාශය පටන් ගත්තේ 2009. ඒකට මහින්ද මහතාත් වග කියන්න ඕනේ. අපේ ගෞරණිය හාමුදුරුවරු එදා නිහඩව ඉඳලා 2015 එළියට බැස්සේ මහින්දව යලිත් බලයට ගෙන්න මිස රටට ආදරේට නොවෙයි. මේකට කොමිසමක් දැම්මොත් දැනගත හැකිවෙයි.
කවුරුත් එයාගේ පස්සෙන් යන්නේ නැති නිසා එයාම බලෙන් ලියුම් එවනවා. පව් අප්පා. ඩිමාන්ඩ් කරන්න බලාගෙන හිටපු මිනිහට වෙච්ච දේ...