(රෝෂන් තුෂාර)

හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද දහවල් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත්තේය..

ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියකට යැයි කියමින් බඳවාගත් සේවකයන් තිදෙනෙකු දේශපාලන කටයුතුවලට යොදවා දූෂණය නම් වරද සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට අදාළව කොමිසම හමුවේ පෙනී සිටි ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි.  ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.