IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


රුවන්වැලි මහ සෑයෙහි කොත් වහන්සේ නිරාවරණය කෙරේ

 

(මනුල වික්‍රම)
 
අනුරාධපුර, රුවන්වැලි මහ සෑයෙහි චූඩාමාණික්‍ය සහිත ස්වර්ණාලේපිත කොත් වහන්සේ අද (26)පෙරවරුවේදී මඟුල්බෙර සක්හඬ මධ්‍යයේ  සුබ මොහොතින් විවෘත  කෙරිණි.
 
සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමි, අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස හිමි හා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියෝ කොත්වහන්සේ නිරාවරණය කළහ.
 
මෙම අවස්ථාවේදී ගුවනින් සුදු මල් ද ඉසින ලදී.
 
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමි, කෝට්ටේ ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි , අස්ගිරි පාර්ශවයේ අනුනායක දිවුල් කුඹුරේ සිරිධම්ම හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමි සහ ආනමඩුවේ ධම්මදස්සී හිමි ඇතුළු මහ  සඟරුවනද, දහස් සංඛ්‍යාත බැතිමත්හුද එම අවස්ථාවට එක්වූහ.



අදහස් (4)

රුවන්වැලි මහ සෑයෙහි කොත් වහන්සේ නිරාවරණය කෙරේ

anura nanayakkara Tuesday, 26 November 2019 06:56 AM

මෙම උතුම් අවස්ථාවේ සංඝයා වහන්සේලාම මුල්වෙලා විවෘත කළ එක හොඳයි.!! එම සඟරුවන දේශපාලකයින්ට වඩා සුදුසුයි. තෙරුවන් සරණයි !!

:       0       0

Kalyani davi Dissanayaka Tuesday, 26 November 2019 08:04 AM

සියලුම ශ්‍රි ලංකා වාසීන්ට මෙවැනි පිංකමක් දැක බලා නමස්කාර කිරීමට ලැබීම මහත් වාසනාවකි. විශේෂයෙන් අනුරාධපුර වාසී අපි පිං ඇත්තෝ වෙමු. වාසනාවන්තයෝය. බලා ගැනීමට නොහැකි වුවෝද අප ලබාගත් පිං අනුමෝදන් වෙත්වා. සාදු! සාදු! සාදු!

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 26 November 2019 08:30 AM

උතුම් ස්වර්ණමාලී සෑ රදුන්ගේ ආනුභාවයෙන් මගේ රටටත් සමස්ථ ලාංකිකයන්ටත් හොඳ හොඳ ලෙසටත් නරක නරක ලෙසටත් මැනවින් අවබෝධ වන වාසනාවන්ත කාලයක් උදාවේවා !

:       0       0

kalpa Tuesday, 26 November 2019 09:07 AM

සාදු..! සාදු..!! සාදු..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site