(මනුල වික්‍රම)
අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය පැළඳවීම අද (25) පස්වරු 5.50ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණි.
අනුරාධපුර අටමස්ථානාධිපති උතුරුමැද පළාතේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස, ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරි නුවර කලාවියේ ප‍්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන යන නා හිමිරුවන් සහ තායිලන්තයේ ලුම්පෝ අනන් සංඝරාජ හිමිපාණන් ප්‍රමුඛ මහ සංඝරත්නයේ මූලිකත්වයෙන් එම කටයුතු සිදු කෙරිණි.
කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පිංකම හෙට (26) උදෑසන 10.00 ට තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහ නා හිමිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
මහා සෑයෙන් ඉවත් කෙරුණු පැරණි චූඩා මාණික්‍ය ප්‍රදර්ශනය සඳහ විශේෂ කුටියකට වැඩම කරවා තිබේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ විශ්ව ශක්තිය ලැබ රට සරු වේවා.
සාධු සාධු අපේ රටේ උත්තරීතර පූජනීය රුවන්වැලි මහා සැය
බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වසර 5000 ක් විරාජමානව වැඩ වසන්නාවූ මේ එකම සක්වලේ පුණ්‍යවන්ත වූ ආනුභවයෙන් මගේ රටටත්, සියළු ලාංකිකයන්ටත් ධර්මය අවබෝධ කර ගත හැකි වාසනාවන්ත කාලයක් උදාවේවා ! සියළු දෙවියෝ වර්තමාන රජයත්, අළුත් නායකයාත් රැක දෙත්වා ! රටටම නව ප්‍රීතිමත් දියුණුවක් ඇතිවේවා ! මගේ මව්බිම රැවන්මැලි සෑ රදුන්ගේ ආනුභවයෙන් ලොව ඉහලින්ම බැබළේවා !
සිංහල බොදු සංස්කෘතියේ මුදුන්මල්කඩ වූත්, විශිෂ්ට ශිෂ්ටාචාරයක ජීවමාන කැඩපතක් වූත්, අපගේ රාජවංශයේ අසහාය වීරයා ගාමණී අභය රජතුමන් විසින් නිමවාලු රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ තවත් චිරාත් කාලයක් ශ්‍රී ලංකා ද්වීපයට සෙත් ශාන්තියක්ම වේවා!
මට ප්‍රශ්නය තියෙන්නෙ මෙච්චර බලසම්පන්න බුදුන්ගෙ ධාතු තියෙන රට දවසින් දවසට වළපල්ලට යන එක සහ වෙනත් රටවල් දියුණුවට පත්වීමයි. ඒකෙන් පෙනෙන්නේ ඔය කිසිදු බලවේගයකට රටක් දියුණු කළ නොහැකි බවත් ආකල්පයමය වෙනසකින් හෝ මේ ක්‍රමය වෙනස් කිරීමෙන් පමණක් බව නොවේද? එබැවින් මෙම ජානගත මිථ්‍යාවන් වලින් දුරස්වීම දැන්වත් කළ යුතුය.