IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


රුවන්වැලි මහා සෑයට නව චූඩා මාණික්‍යය පළඳවයි

(මනුල වික්‍රම)

අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය පැළඳවීම අද (25) පස්වරු 5.50ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණි.

අනුරාධපුර අටමස්ථානාධිපති උතුරුමැද පළාතේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස, ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරි නුවර කලාවියේ ප‍්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන  යන නා හිමිරුවන්  සහ තායිලන්තයේ  ලුම්පෝ අනන් සංඝරාජ හිමිපාණන් ප්‍රමුඛ මහ සංඝරත්නයේ මූලිකත්වයෙන් එම කටයුතු සිදු කෙරිණි.

කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පිංකම හෙට (26)  උදෑසන 10.00 ට තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහ නා හිමිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මහා සෑයෙන් ඉවත් කෙරුණු පැරණි චූඩා මාණික්‍ය ප්‍රදර්ශනය සඳහ විශේෂ කුටියකට  වැඩම කරවා තිබේ.

 

 

 

 



අදහස් (5)

රුවන්වැලි මහා සෑයට නව චූඩා මාණික්‍යය පළඳවයි

kapila Monday, 25 November 2019 06:34 PM

බොහෝ විශ්ව ශක්තිය ලැබ රට සරු වේවා.

:       144       186

saman Monday, 25 November 2019 07:23 PM

සාධු සාධු අපේ රටේ උත්තරීතර පූජනීය රුවන්වැලි මහා සැය

:       1       108

ආනන්ද පිටබැද්දර Tuesday, 26 November 2019 05:55 AM

බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වසර 5000 ක් විරාජමානව වැඩ වසන්නාවූ මේ එකම සක්වලේ පුණ්‍යවන්ත වූ ආනුභවයෙන් මගේ රටටත්, සියළු ලාංකිකයන්ටත් ධර්මය අවබෝධ කර ගත හැකි වාසනාවන්ත කාලයක් උදාවේවා ! සියළු දෙවියෝ වර්තමාන රජයත්, අළුත් නායකයාත් රැක දෙත්වා ! රටටම නව ප්‍රීතිමත් දියුණුවක් ඇතිවේවා ! මගේ මව්බිම රැවන්මැලි සෑ රදුන්ගේ ආනුභවයෙන් ලොව ඉහලින්ම බැබළේවා !

:       29       81

max Tuesday, 26 November 2019 06:08 AM

සිංහල බොදු සංස්කෘතියේ මුදුන්මල්කඩ වූත්, විශිෂ්ට ශිෂ්ටාචාරයක ජීවමාන කැඩපතක් වූත්, අපගේ රාජවංශයේ අසහාය වීරයා ගාමණී අභය රජතුමන් විසින් නිමවාලු රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ තවත් චිරාත් කාලයක් ශ්‍රී ලංකා ද්වීපයට සෙත් ශාන්තියක්ම වේවා!

:       1       8

සෙනෙවිරත්න Tuesday, 26 November 2019 09:01 AM

මට ප්‍රශ්නය තියෙන්නෙ මෙච්චර බලසම්පන්න බුදුන්ගෙ ධාතු තියෙන රට දවසින් දවසට වළපල්ලට යන එක සහ වෙනත් රටවල් දියුණුවට පත්වීමයි. ඒකෙන් පෙනෙන්නේ ඔය කිසිදු බලවේගයකට රටක් දියුණු කළ නොහැකි බවත් ආකල්පයමය වෙනසකින් හෝ මේ ක්‍රමය වෙනස් කිරීමෙන් පමණක් බව නොවේද? එබැවින් මෙම ජානගත මිථ්‍යාවන් වලින් දුරස්වීම දැන්වත් කළ යුතුය.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site