(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නතර කිරීමෙන් රත්නපුරේ ජනතාවගේ බලාපොරොත්තු සුන් වී ඇතැයි පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්.ඩී ජේ.සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රජයට මුදල් නැතැයි කියමින් මෙම ව්‍යාපෘතිය නතර කර තිබෙන බවද සෙනෙවිරත්න  මහතා කීය.

2020 වසරේ කැබිනට් තීන්දුවක් ගෙන රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කොට කිලෝමීටර් දහයක් පමණ ඉදිකිරීම්ද කර ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී 2013 වසරේ අදාල අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජනා වූ බව කී සෙනවිරත්න මහතා පසුව සක්‍යතා අධ්‍යන කටයුතු ආරම්භ කොට යහ පාලන ආණ්ඩුව යටතේ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු ද සිදු කළ බව සඳහන් කළේය.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසූයේ රුවන්පුර අධිවේගී මාර්ගය විදේශ ආයෝජන වලින් ඉදිකෙරෙන මාර්ගයක් වශයෙන් ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබෙන බවයි.

ණය ප්‍රතිව්‍යුගත කරණය කරන තෙක් කිසිම අධිවේගී මාර්ගයකට මුදල් සපයා ගන්නට පුළුවන්  කමක් නැතැයි ද අමාත්‍යවරයා කීය.