(අංජුල මහික වීරරත්න)

ප්‍රකට සංචාරක වෙරළ තීරයක් වන ගල්කිස්ස වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ඊජීප්තු තානාපති මගෙඩ් මොස්ලේ (Maged Mosleh ) මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීහු ද මීට සහභාගී වූහ.

ජනාධිපති ලේකම් කාර්යාලය, තිරසාරත්වය සහ දේශගුණික ක්‍රියාකාරී සංසදය (SCAP), Clean Ocean Force සංවිධානය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), පරිසර පොලිසිය මෙන්ම  විවිධ ප්‍රදේශවලින් පැමිණි 100 කට අධික පිරිසක් මෙම සත්කාරයට සහය දුන් බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.