(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත්කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් පත් කිරීම සිදු කර ඇත.
කාබනික විමෝචනය සහ හරිතාගාර ආචරණය වළක්වා ගැනීම ,පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම, හරිත ආර්ථිකයක් ගොඩනැගීම වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති රැසක් වෙනුවෙන් උපදෙස් සහ සහයෝගය ලබාගැනීම සඳහා මෙම පත් කිරීම සිදු කළ බව ජනාධිපති කාර්යාලය කියයි.
2016 වසරේ ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියට අත්සන් තබා ඇත. මේ වන විට ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය දේශගුණික විපර්යාස මගින් මිහිතලයට වන හානි වලක්වා ගැනීම වෙනුවෙන් යොමුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම හොඳයි ඒත් අර කාබනික කියන වචනය අයින් කරන්න. ඒක ඇහෙද්දි රටේ මිනිස්සුන්ගෙන් භාගෙකට ඇඟේ මාලු නටනවා.
කී වෙනි ජනාධිපති උපදේශකද මේ? දැන් මේ වෙනකොට කීයක් පත් කලාද?
බෙදාහදාගෙන කෑම ආරම්භ වී ඇත. රංගය මට තාම නෑනේ කියල කට ඇරලෙන බලා ඉන්නව ඇති.
Is he a expert in this field?
What happened to Gotagogama Committee appointed by then PM Ranil Wickramasinghe in in which you had been allocated Medicine matters ?
හරිම විද්‍යත්මක පත් කිරීමක්. අකිලටත් මොනවා හරි ඔය ගමන්ම දීලා දාන්න. නැත්නම් පව්නෙ එයා.
හම්මේ ඉතින්... රටේ දැවෙන ප්‍රශ්නයකට විසඳුම් දීලා!
එම උපදේශක තනතුර දැරීමට අවශ්‍ය කරන දැනුම සහ ඒ පිළිබඳව රුවන් විෙජ්වර්ධන මහතාට තිබෙන සුදුසුකම් මොනවාදැයි දැනගැනීමට කැමැත්තෙමු.