
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
විදුලි උපකරණයකින් කොණ්ඩය සකස්කරමින් සිටි එක් දරු මවක ට එම උපකරණයෙන් විදුලිය කාන්දු වී විදුලි සැර වැදී නිවසේ උඩු මහලේ පිහිටි නාන කාමරය තුළ ඇද වැටී මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේපොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටී කාන්චනා සුභාෂිණි ලොකුහේවගේ නැමැති 30 හැවිරිදි කාන්තාවකි.
ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කළමනාකරණ සහකාරනිලධාරිනියක් ලෙස කාලයක් සේවය කර ඇති සුභාෂිණි මහත්මිය දරුවා ලැබීමෙන් පසු සේවයෙන් ඉවත් වී ඇත.
ඇය අවුරුදු තුනක දියණියකගේ මවක් වන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි උපකරණ නාන කාමර තුල පරිහරණය නොකරන්න.
කරුණා කරලා, මේ වගේ කේස් ගැන විදුලිය ගැන දන්නා කෙනෙක් පහදන්න. සමහර වෙලාවට, අපිට දවසට දෙතුන් පාරක් කරන්ට් වදිනවා. සමහර වෙලාවට ට්‍රිප් එක ඔෆ් වෙනවා. සමහර වෙලාවට නෑ. නමුත් අප තාම හොඳින් ඉන්නවා. මේ වගේ සුළු කරන්ට් යන ඒවා නෙවෙයි. ලොකු ලොකු උපකරණ හුඟක් කරන්ට් යන. මේක හරියට පැහැදිලි කරන්න මිනිත්තු කීපයක් අරන්. ලොකු සේවයක් රටට.