(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විසින් නිර්මාණය කරන ලද ‘ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව රැගත් සිග්නස් අභ්‍යාවකාශ යානය අද (19) ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ විය.
‘ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව ඊයේ (18) පස්වරුවේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් ආරම්භ කළේය.

‘ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව නිර්මාණය කර සංවර්ධනය කරන ලද්දේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න (27) සහ දුලානි චාමිකා (24) විසිනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනයට අයත් සිග්නස් අභ්‍යාවකාශ යානය මගින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර 400ක් දුරින් කක්ෂයේ ස්ථානයක මෙම චන්ද්‍රකාව ස්ථානගත කිරීමට නියමිතය. එම චන්ද්‍රිකාව ඊයේ (18) ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 2.16ට කක්ෂගත කෙරුණි. අභ්‍යාවකාශ යානය ගමන් කරන ලද්දේ ‘අන්තරෙස්’ රොකට්ටුව මගිනි.
මෙම චන්ද්‍රිකාව මගින් අරමුණු පහක් ඉටු කරගැනීමට අපේක්ෂිතය. ශ්‍රී ලංකාව සහ ඒ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම, ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුලය’ නමැති මෘදුකාංගය අත්හදා බැලීම, චන්ද්‍රිකා භාවිතයේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම, කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම අත්හදා බැලීම සහ පෘථිවියේ චුම්භක ශක්තිය අධ්‍යයනය කිරීම එම අරමුණු පහය. ඉහත කී ‘ලෝරා මොඩියුල්’ නමැති මෘදුකාංගය දත්ත බාගත කිරීම (ඩවුන්ලෝඞ්) සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදාගැනීමට නියමිතය.

ඝන සෙන්ටිමීටර් 1000 ක විශාලත්වයෙන් සහ කිලෝග්‍රෑම් 1.05 බරින් යුතු මෙම චන්ද්‍රිකාවේ ආයු කාලය අවුරුදු එකහමාරක් වුවත් අවුරුදු 5ක් දක්වා පවතිනු ඇතැයි පැවසේ.
තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂකයෝ වෙති. ඔවුන් දෙදෙනා විසින් නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ පළමු පර්යේෂණ චන්ද්‍රිකාවයි. ජපානයේ ක්‍යුෂු තාක්ෂණය ආයතනයේදී මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර සංවර්ධනය කරන ලදි.

තරිදු දයාරත්න පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉංජිනේරුකරණය පිළිබඳ උපාධිය ලබාගෙන තිබෙන අතර ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂක ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරයි. තරිඳු දයාරත්න මොලගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සහ රඹුක්කන, පින්නවල ජාතික විද්‍යාලයේ ආදි සිසුවෙකි. තරිඳු තමන් ඉගෙන ගත් පින්නවල ජාතික විද්‍යාලයේ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නම් ‘රාවණා 1’ චන්ද්‍රිකාවේ පරිපථයක සටහන් කිරීම ද විශේෂත්වයකි.
දුලානි චාමිකා විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ඉංජිනේරුවරියක වන අතර ඇය ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවරියක ලෙස කටයුතු කරයි. ඔවුහු දෙදෙනාම මේ වනවිට පශ්චාත් උපාධිය හදාරමින් සිටිති. දුලානි චාමිකා කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවියකි.
දුලානිගේ පියා හේලීස් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපෘති කළමනාකරුවකු වන අතර ඇගේ මව ගෘහණියකි. තරිඳුගේ පියා මේ වනවිට ජීවතුන් අතර නැති අතර ඔහු රියදුරකු ලෙස කටයුතු කර ඇත. ඔහුගේ මව රසකැවිලි වෙළෙන්දියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ මේ පුංචි ලංකාද්වීපය දියුණුවේ හිනිපෙත්තට ගෙනයන මේ සුපිරි මොළකරුවන්ට ජාතියේ ප්‍රණාමය !!! මේ රට නව මං පෙත් ඔස්සේ මේ සුපිරි මොළකරුවන් ඉදිරියටම ගෙනයාවි. මෙවැනි දේ ඇසීමට දැකීමට ලැබීමත්, අප ලැබූ භාග්‍යයක්....
මිට කලිනුත් එක්කෙනෙක් රොකට් එකක් යැව්වා නේද?
තවත් අලුත් නිපැවුම් සමඟ ඉදිරියට යන්න මාගේ සුබ පැතුම්!
ජයවේවා.
සුබ පැතුම්! කපටි දේශපාලුවන් අපව සිර කර සිටින ඉතා ගැඹුරු අඳුරු ලිඳෙන් එලියට පැන්න විට අප හට නොකළ හැකි දෙයක් නැත.
ලාංකිකයන් හැටියට අපිට ආඩම්බරයි. සුබ අනාගතයක් වේව..!!!
ඉන්දියාව කිලෝමීටර් මිලියන කෝටි ගණනක් ඈත තියන අඟහරු වෙත රාම යැව්වා තමන්ගේම යානයකින්. ජපන්නු අපගේ පුංචි චන්ද්‍රිකාව නේපාලයන්ගේ එකත් එක්ක පෙලගැස්සුවා. අපිකරලා තියෙන්නේ මෘදුකාංග පමණි. ඊළඟට සෝමාලියාවත් සමග පෙලගැස්සෙන්න සූදනම් වන්න.
කිවිසුමක් ගියත් පාරේ නටන කලා පීඨ අන්තරේ ගොයියලාට ඉගෙන ගන්නවා නම් හොඳ පාඩමක්... සුබ පැතුම් ! ~~
ආදරණීය දුවේ පුතේ... ඔයාලා අපේ රත්තරන් පුංචි රටට අභිමානයක්... ඔයාලා ගැන අපට මෙතරම් සතුටක් ඇතිවෙනවා නම් ඔයාලගේ දෙමව්පියන්ට මොනතරම් සතුටක් ඇද්ද? ඔයාලට ජයෙන් ජය !
පේරේ කොල්ලෙක් ... සුබ පැතුම්...!!!
මෙය ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ තවත් ජයග්‍රහණයක්..! රොකට්ටුව "අන්තරේ" නමින් නම් කලෙත් ඒකයි.
මෙම විශිෂ්ට නිර්මාණය කර තිබෙන්නේ අපේ දරුවෝ, ඒත් ජපානයේදී. අපේ පාලකයෝ විශිෂ්ටයින්ට ලංකාවට එන්න කියල ආරාධනා කරන්නේ පොල් ගාන්නද දන්නේ නැහැ.
මෙය ලංකාවේ අනාගතය ලෙස ඉතිහාස ගතවේ. තාක්ෂණ නවෝත්පාදන ව්‍යාපාර ලංකාවේ එකම හොඳම විකල්පය වේ. සුබපැතුම්!!!
අර මීට ඉස්සෙල්ලා චිචීද කියන හාදයා යවපු එක ගියේ කලු කුහරයකටද?
රොකට් රෝහිතලා රොකට් යවන්න විනාශ කරපු මහජන මුදල් ගැන සොයා නඩු දාන්නේ නැත්තේ ඇයි?
ජයවේවා...!!! සුබපතනවා ඒ දෙපළට... නිහතමානීව ආඩම්බර වෙමි... ශ්‍රී ලාංකිකයකු ලෙස... !!!
ලංකාවේ දරුවන් මෙවන් ක්‍රියාවකට පෙළඹීම ඉතා වැදගත්... එම දරුවන්ගේ අනාගත සිහින තවත් සරුවේවා...!!!
තරිඳු සහ දුලානි, ඔබ දෙපල ලංකාවට කීර්තියක් ගෙනදුන් ක්‍රියාවක් කර ඇත. ඊට මගේ හදපිරි සුභපැතුම්... තව තවත් උසස් නිර්මාණ බිහිකිරීමට ඔබ දෙපලටම ශක්තිය හා ධෛර්යය ලැබේවා !
මෙය යැවූ සිග්නිස් යානයෙන් වෙන රටවල පාසල් දරුවන්ගේ පුංචි චන්ද්‍රිකා පවා යවනවා. වෙන නමකින් මෙතරම් ප්‍රසිද්ධියක් නොදී කළානම් ප්‍රශ්නයක් නෑ. මෙම දරුවන් දෙදෙනාට මීට වඩා ලොකු දේවල් කරන්න පුළුවන් වේවා කියා මම පතමි. මීළඟ චන්ද්‍රිකාවේ ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය මොරටුව විශ්ව විද්‍යාලයට බාර දෙන මෙන් මා ඉල්ලා සිටිනවා. ඔවුන්ට එවැනි නිමානය කිරීමට අවශ්‍ය මෘදුකාංග සහ උපකරණ පසුගිය රජයෙන් ලබාදී ඇති බව මා දනිමි.
මේ ඉන්ජිනේරුවෝම තමයි රාවනා නම දැම්මේ... අපේ පට්ට ගොන් මොට්ට දියවන්නවේ ඉන්න රොත්තවත් සක්කිලි කැබිනට්ටුවේ අනුමැතියවත් නැතුව මේ ඉංජිනේරුවන් දෙදෙනාගේ නිර්මාණය නිෂ්පාදනය සහ අභ්‍යාවකාශයට යැවීම ගොන් දේශපාලකයන්ට නොදන්වාම කරපු එක අපේ රටේ විදේශ ණය කොමිස් ගහන අට පස් ගොන් දේශපාලකයන්ට හොඳම හොඳ පාඩමක්... ජයවේවා...!!! අපේ බුද්ධියෙන් ඉහළම ඉංජිනේරු දරුවන්ට..
සුබ පැතුම් දරුවනේ...!!!