
(ආරියරත්න රණබාහු සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර යන මහත්වරුද කිසිදු හේතුවක් මත එම තනතුරුවලින් ඉවත් නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
උදය ගම්මන්පිල මහතා ඊයේ ඉදිරිපත් කළ කමිටු වාර්තාව පිළිනොගන්නා බව පැවසු අමාත්‍යවරයා එය හුදෙක් දේශපාලනය පදනම් කර අදාළ නිලධාරීන් ඉලක්ක කර පැවැත්වු පරික්ෂණ කමිටු වාර්තාවක් යැයිද කීය.
රජයක් ලෙස සියලු වාර්තා වල කරුණු පූර්ණ විමර්ශනයකට ලක්කර අසාධාරණයට ලක් වූ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කවුරුන් හෝ නිලධාරියෙක් වගකීම් පැහැර හැර තිබේ නම් එහි හංගන්නට කිසිම කාරණයක් නැති බව කී විජිත හේරත් මහතා සාධාරණ පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.
අනේ ගම්මන්පිල ඔබට වෙච්ච දේ යැයිද හේරත් මහතා කිය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්මන්පිල මේ අදින්නේ අහකයන කුණුගොඩවල්. මේවායින් රටටවත් ජනතාවටවත් කිසිම යහපතක් ලැබෙන්නෙ නෑ.
රවී ශානි කියන්නේ අවංක දක්ෂ නිලදාරීන් දෙන්නෙක් ,මේ දෙන්නව තනතුරු වලින් අයින් කරවන්නැ ඔය ගම්මන්පිල හාදයව එවුවේ මොන හොරා ද කියලා හොයලා බලන්න.
පරණ ආණ්ඩු කරපු දේවල් ටිකම මේ අයත් කරනවා වගේ. තමන්ගේ අය කරන වැරදි හොදයි අනිත් අය කරන ඒවා වැරදි. මොනම හේතුවකටවත් අයින් කරන්නේ නැතිලු. පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කරන්න පුළුවන් අය ඉන්නේ මේ දෙන්නා විතරද? මෙතන අනුර කුමාර හොඳ නෑ කියල නෑ. නිලධාරීන් දෙන්නෙක් ගැන කියල තියෙන්නේ. තමන්ගේ පක්ෂේ කරන ඔක්කොම හොඳයි කියන අය හැර අනිත් අයට මෙතන මොකක් හරි අවුලක් තියෙන බව පෙන්න ඕන.
මේ රට කියුබාවක්, රුසියාවක් කරන්න ඉඩ තියන්න එපා.
නීතිය නැවීමේ අත්දැකීම් සපිරි මෙවන් නිලධාරින් ඉවත් කරන්නට අපට පිස්සුද නේද සහෝදර ඇමතිතුමා?
කියන දේ පිළිගන්නේ නෑ වගේම මොන හේතුවක් නිසා හෝ ඉවත් කරන්නේ නෑ කියන්නේ බොහොම දරුණු කතා. හොයා බැලීමක් කරන්නේ නෑ කියලා කියන්නේ ඒකාධිපති පාලනයක් කියන එකයි. ඕකෙන් වෙන්නේ මේ දෙන්නෙක් නිසා මාලිමාව කිරි කලේට ගොම අරන් දාගැනීමක්.
ෂානි,රවී කියන්නේ අවංක නීලදාරීන්. එනිසා පසුගිය කාලයේ නොයෙකුත් අසාධාරණකම්වලට පවා ලක් වුණා.
මේ දෙන්නා තනතුරුවල තියාගෙන කොහොමද සාධාරණ පරීක්ෂණයක් කරන්නේ? ඔය පරීක්ෂණයෙන් සහාරානුත් පූස් පැටියෙක් කරයි.
රනිල්ගේ තක්කඩි කොමිසමෙන් හැදුවේ මේ අවංක නිලදාරීන් දෙන්නව අයින් කරගන්න. ඉතිහාසයේ මොකක් හරි තක්කඩි වැඩක් වුණා නම් රනිල් එතනට නායකත්වය දීලා තියෙනවා.
ශානිගේ අවංකකම බලන්න පොඩ්ඩක් යූ ටියුබ් එකේ තියෙන රංජන් එක්ක කරන කෝල් එක පොඩ්ඩක් අහන්න. කොච්චර අවංකද කියනව නම් තනතුර වෙනුවෙන් වළං හෝදන්න වුණත් ලෑස්ති උත්තමයෙක්. අනිත් කෙනා පොඩ්ඩක් වැටෙන්න බීලා වාහනේ අමතක වෙලා පැදලා පොඩි අනතුරක් වෙලා අහු වුණ කෙනෙක්. කොහොමද මේක වෙන කෙනෙක් කලා නම් මෙයාලගේ කියවිල්ල අද එහෙනම්. තමන්ගේ මිනිස්සු ඉන්න නිසා ඒ වාර්තාව වැරදියි ලු.
මෙතන සමහර අය අර ගම්මන්පල වගේ පුද්ගලයෙක් කියන කතා පිළිගන්නවා කියන්නෙ ඒ අයගෙ මොළාය තරම පේනවා. මේ අභිරහස සොයන්න බලවත් ලෙස උනන්දු වෙන්නෙ කතෝලික සභාව, ඒ අය නැත්නම් මේක අතීතයට ගිය තවත් අපරාධයක් වෙයි. ඒක නිසා කතෝලික සභාව මේ සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය බලන්න එතකොට සත්‍ය වැටහේවි. ගම්මන්පිලගෙ රංගනයෙ විකාරය වැටහේවි.
ගම්මන්පිල කියන්නේ දැන් ත්‍රීවිල් පක්ෂයක නායකයා. කෝ අර පච යුද්ධය?
ගම්මන්පිල හරිය කියල හිතන අයත් සමඟ කවර කතාද?
නියමයි විජිත. ගම්මන්පිල කියන්නෙත් රටටම ත්‍රස්තවාදීයෙක්.
ජවිපෙ වහල් සේවය විසින් කෙතරම් සුදු හුණු ගන්නට උත්සහ කලත්, රවී-ශානිට ඉහළ නිලතල දැරීමට ඉඩදීම සදාචාර විරෝධීය. දේශපාලන වශයෙන් ගම්මන්පිලට වර්තමානයේ ඇත්තේ කුමන ස්ථානයක් ද යන වග, ඔහු විසින් ඉදිරිපත් කරන තර්කය බිඳ දැමීමට අදාළ නොවේ.
ගුදය ගොංමන්පිල ලවා කවුරුත් හෝ මූටිටියක් දාලා බැලූවා වෙන්න පුලූවන් බොහෝ දුරට.
අපිට මතකයි 1990 දශකයේ මුල් භාගයේ දී අහපු කතා 88-89 කාලයේදී ජේවීපී ළමයි මැරුණු හැටි කියනකොට. ඒ 88-89 කාලේ බිල්ලෝ ගැන කිව්වා. ජේවීපී කරලා අහුවුණු අයට සමාව දෙන්න නම් ඔවුන්ව ඔලු වහලා ගෙවල් ගානේ සහ හිර කඳවුරු වල ගෙනිච්චා. ඔවුන් ජේවීපී කියලා පෙන්නපු අයව හමුදාවෙන් මරා දැම්මා. මහ අපරාධ කාලයක් තිබුණේ. පස්සේ 90 ගණන්වලදී කිව්වා ඔය බිල්ලෙක් ජේවීපී එකෙන් පාර්ලිමේන්තු ආවා කියලා. ඉතින් ප්‍රේමදාස කරපු ඒකාධිපති පාලනය වගේම තමයි ඔය බිල්ලන්ගේ වැඩ. ප්‍රේමදාස නිසා ඩඩ්ලි සේනානායක මහතාගේ මරණය ඉක්මන් වුණා කියනවා. ඒ වගේ අය අන්තිමට මොන ආණ්ඩුවේ වුණත් ඉන්නවා.
ජෙප්පො ඉස්සරහට නියමට කරයි.
මෙතන අවශ්‍ය වන්නේ එක එක්කෙනාගේ අඩුපාඩු කතා කිරීම නොව පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් සොයාගෙන ඔවුනට දඩුවම් කිරීම සහ පාස්කු වින්දිතයින්ට සාධාරණයක් ඉටුකරදීම.
එහෙම කොහොමද අයින් කරන්නෙ අහ්? ඒවා කොහෙද? ඒ දෙන්නා මාලිමාවට දරදිය ඇදපු අය. එහෙව් ම්නිිස්සු අයින් කරන්න දෙන්න බෑ හරිද?
අරවින්ද මොනරවිල සහ සෙනෙවිරත්න කඩේ යනවා යෑමක් ආයේ ලොවෙත් නැති වෙන්න. උන් කඩේ යනවා කෙසේ වෙතත් කඩයක් දාගෙන කඩේට වෙලා ඉන්න සීන් එකක් තියෙන්නේ. ෆුඩ් සිටියක් වගේ ලොකූ එකක්.
රැවටුනා නෙමෙයි විශ්වාස කළා.
අනුරයා සහ ජෙප්පෝ සහ මැල්කම් අල්මේදා මේ වාර්තාව ප්‍රසිද්ධ කරනවාට විරුද්ධ ඇයි කියලා තමයි මිනිස්සුන්ට තිබෙන ප්‍රශ්නය… උත්තර දෙන්න.
අර පරන අය වගේම තමයි… ඒකනේ 225 කිව්වේ…. චෝදනා තිබෙන අය දාගෙන මොන පරීක්ෂණද මහත්තයෝ… මොවුන් ඔක්කෝම එකයි මචන්
ලංකා ඉතිහාසයේ පළමු වතාවට මාලිමා වේදිකාවේ මාලිමාවේ දේශපාලනය කරපු දෙන්නෙක්ව රජයේ උසස් නිලධාරීන් ලෙස පත් කළා. ඒ මදිවට බාර දුන්නෙත් පොලිසිය සහ සී.අයි.ඩී. එක. කයිවාරු ගැහුවේ නම් ස්වාධීන රාජ්‍ය සේවයක් ගැන...!
මේ දෙදෙනා හිටියොත් ඉබ්‍රහිම්ව බේරගන්න පුලුවන්නේ.