(අංජුල මහික වීරරත්න)
තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ කටු පොල් තහනමට ලක් විය.
කටුපොල් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව කරුණානායක මහතා මේ බව කීය.
කටුපොල් වගා කරන ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍යවරයා මතුගම සහ බදුරලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
කටු පොල් වගාව තහනම් කිරීම නිසා පවුල් විශාල ප්‍රමාණයක් ආර්ථික ගැටළු රැසකට මුහුණ දී සිටින බව කටුපොල් වගා කරුවෝ පැවැසූහ.
කටු පොල් අක්කරයකින් මසකට රුපියල් 75000ක ශුද්ධ ආදායමක් උපයා ගත හැකි බවද ගොවීහු අමාත්‍යවරයා කීහ.
මෙහිදී රවී කරුණානායක මහතා එම ගොවීන්ට පැවැසූයේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර පවතින තහනම ලබන ජනවාරි මාසය වන විට ඉවත් කිරීම සඳහා කටයුතු සලසා දෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූ උගේ සුභසිද්ධියට මිසක රටේ සුභසිද්ධියට වැඩ කරන එකෙක්නම් නෙමෙයි
රවීලට සාගලලාට රටේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න කවුද බලය දුන්නේ
කටු පොල් අක්කරයකින් මසකට රුපියල් 75000ක ශුද්ධ ආදායමක් උපයා ගත හැකි උවද කටු පොල් වගාවෙන් සිදුවන හානිය පිලිබදව පුළුල් අදයයනයක් සිදුකලයුතුවේ. ශුද්ධ ආදායම ලබනාවූ පුද්ගලයන් වගාව නිසා පරිසරයට සිදුවන හානියට වගකීම නොගනී.
කරන්නෙම ගොන් වැඩ.
කටුපොල් වගා කලොත් භූමිය සවුත්තු වෙනවලු
බොහොම හොදයි ලංකාවෙ පොල් වගාව විනාශ වුනාම පොල් රටින් ගෙනවිත් රේගු ආදායම් ලබන්න පුළුවන් වේවි ඒවා ගැන වැට් බදු නැහැ ඒත් පොල් වලට වැට් තියෙනවා කියන්නෙ පොල් වගාව විනාශ කරනවා කටුපොල් වවනවා කියලා පැහැදිලියි
එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය තුළ ඔහුට ඇති හැකියාව කුමක්ද? කැබිනට් මණ්ඩලයේ නොව රනිල් වික්‍රමසිංහගේ උපදේශක කණ්ඩායමේ තවත් තක්කඩි දේශපාලකයෙක්......
ලොක්කා අලුත් ප්‍රොජෙක්ට් එකකට අතගහලා වගේ...! ඔය හම්බ කරපුව මදිද? බදුත් වැඩි කරලා පරිසරේත් විනාශ කරන්නේ...!
කාලකණ්ණින්...!
කාණුවකට දාලා වතුර එකක් ගහන්න ඕනෑ හේදිලා යන්න. මෙයා දැන් කටුපොල් අරගෙන ද ආපසු එන්න හදන්නේ? එක්සත් ජාතික පක්ෂය ජීවිතයටම ලබා නොගත් ජයග්‍රහණයක් ගියවර ලබා ගත්තේ මෙයා නිසා. රට බංකොළොත් වෙලා හරි ඉතුරු වුණා කාටවත් සින්න නොවී. මෙයා ඇවිත් ඒ ටික කරලා දෙයි. මෙයා ඉන්න පක්ෂයකට ජන්දය දෙන්න වටින්නෑ...!