(අංජුල මහික වීරරත්න)
රිලවුන් පලවා හැරීම සඳහා ගොවීන් වෙත මේ වසරේදී වායු රයිෆල් දහසක් නිකුත් කරන බව ශ්‍රී ලංකා හද බිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මහතා පැවසීය.
වන සතුන්ගෙන් සිදුවෙන හානි වලක්වා ගැනීම සඳහා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීමකට අනුව මෙම වායු රයිෆල් නිකුත් කරන බව හදබිම අධිකාරිය කියයි.
වගාවන් ගෙන් සියයට 30-40 අතර ප්‍රමාණයක් රිලවුන්, වඳුරන්, දඬු ලේනුන් හා මොනරුන් නිසා හානියට පත්වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ පර්යේෂණ වලින් සනාථ වී තිබේ.
2023 වසරේ සිට ගොවි ජනතාවට සියයට 50ක ණය සහන පදනම යටතේ වායු රයිෆල් ලබා දීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා හදබිම අධිකාරිය කියයි.
පසුගිය වසරේ දී වායු රයිෆල් 750ක් ගොවීන් වෙත නිකුත් කර ඇති අතර එම වැඩ පිළිවෙළේ සාර්ථකත්වය අනුව මෙම වසරේ වායු රයිෆල් 1000ක් නිකුත් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිළවු නිසා තමා මෙච්චර පොල් මිල ගිහින් තියෙන්නේ... කිසිම දෙයක් මිනිස්සුන්ට හිටවාගෙන කන්න විදියක් නෑ... සත්තු... උනුන් කන්න ඕනෑ කියලා දැන් රටේ තියන තත්වේ අනුව අනුකම්පා කරන්න බෑ... සත්ව සංවිධාන කියන AC කාමර අස්සේ ඉන්න අයට තේරෙන්නේ නෑ... රිළව් විනාශම කරලා දාන්න හොඳම බෙහෙත කුරේටර් කැට... එකම අවුල දැන් සැර බාල කරලා එවන එක... වහාම රිළවු ඉවරයක් කරලා දෙන්න... නැත්තම් ඉස්සරහ වගේ සැර කුරේටර් කැට එවන්න... ඉතුරු ටික අපි බලාගන්නම්...
රිලවුන්ට පමණක් නොවේ, අලි, වල් ඌරන් පලවා හැරීමටත් තුවක්කු අවශ්‍යයි.
පාර්ලිමේන්තුවේ රිළවුන් නොබෝදිනකින් ගම් වදින්න පුළුවන් එතකොටත් ඔය තුවක්කු පාවිච්චි කරන්න පුළුවන් එළවලා දාන්න.