IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රිලවුන්ට බැට දෙන්න වායු රයිෆල් දාහක්

 

(අංජුල මහික වීරරත්න)

රිලවුන් පලවා හැරීම සඳහා ගොවීන් වෙත මේ වසරේදී වායු රයිෆල්  දහසක් නිකුත් කරන බව ශ්‍රී ලංකා හද බිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මහතා පැවසීය.

වන සතුන්ගෙන් සිදුවෙන හානි වලක්වා ගැනීම සඳහා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය  මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීමකට අනුව මෙම වායු රයිෆල් නිකුත් කරන බව හදබිම අධිකාරිය කියයි.

වගාවන් ගෙන් සියයට 30-40 අතර ප්‍රමාණයක් රිලවුන්, වඳුරන්, දඬු ලේනුන් හා මොනරුන් නිසා හානියට පත්වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ පර්යේෂණ වලින් සනාථ වී තිබේ.

2023 වසරේ සිට ගොවි ජනතාවට සියයට 50ක ණය සහන පදනම යටතේ වායු රයිෆල් ලබා දීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා හදබිම අධිකාරිය කියයි.

පසුගිය වසරේ දී වායු රයිෆල් 750ක් ගොවීන් වෙත නිකුත් කර ඇති අතර එම වැඩ පිළිවෙළේ සාර්ථකත්වය අනුව මෙම වසරේ වායු රයිෆල් 1000ක් නිකුත් කිරීමට තීරණය කළ බව  ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි මහතා කීය.



අදහස් (4)

රිලවුන්ට බැට දෙන්න වායු රයිෆල් දාහක්

Ruwan Monday, 11 March 2024 02:21 PM

රිළවු නිසා තමා මෙච්චර පොල් මිල ගිහින් තියෙන්නේ... කිසිම දෙයක් මිනිස්සුන්ට හිටවාගෙන කන්න විදියක් නෑ... සත්තු... උනුන් කන්න ඕනෑ කියලා දැන් රටේ තියන තත්වේ අනුව අනුකම්පා කරන්න බෑ... සත්ව සංවිධාන කියන AC කාමර අස්සේ ඉන්න අයට තේරෙන්නේ නෑ... රිළව් විනාශම කරලා දාන්න හොඳම බෙහෙත කුරේටර් කැට... එකම අවුල දැන් සැර බාල කරලා එවන එක... වහාම රිළවු ඉවරයක් කරලා දෙන්න... නැත්තම් ඉස්සරහ වගේ සැර කුරේටර් කැට එවන්න... ඉතුරු ටික අපි බලාගන්නම්...

:       1       25

පැරකුම්Tuesday, 12 March 2024 04:00 AM

එහෙම කොහොමද? එතකොට කොමිස් ගහන්නේ කොහොමද?

:       0       0

ajith Monday, 11 March 2024 09:15 PM

රිලවුන්ට පමණක් නොවේ, අලි, වල් ඌරන් පලවා හැරීමටත් තුවක්කු අවශ්‍යයි.

:       0       0

Perera Tuesday, 12 March 2024 04:52 AM

පාර්ලිමේන්තුවේ රිළවුන් නොබෝදිනකින් ගම් වදින්න පුළුවන් එතකොටත් ඔය තුවක්කු පාවිච්චි කරන්න පුළුවන් එළවලා දාන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site