(අංජුල මහික වීරරත්න)
"වන සතුන්ගෙන් සිදුවන වගා හානි වලක්වා ගැනීම පිළිබඳව මින් පසු අපෙන් අහන්න එපා" යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
වන සතුන්ගෙන් වන වගා හානි නිසා රටේ ගොවීන් විදින දුක කොළඹ සීත කාමර වලට වී ඩොලර් වලින් යැපෙන සත්ත්ව සුබසාධන සංගම්වල මහත්වරුන්ට සහ නෝනලාට තේරෙන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
රිලවුන් චීනයට නැංවීමේ වැඩසටහන සම්බන්ධයෙන් කොළඹ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමරවීර මහතා මේ බව කීය.
මෙරට රිලවුන් චීනයේ සත්වොද්‍යාන වලට ලබාදීමේ වැඩපිළිවෙලට ඇතැම් පරිසර සංවිධාන ගෙන ඇති නීති ක්‍රියාමාර්ග නිසා එම වැඩපිළිවෙළ නැවතී ඇති නමුත් චීනයේ පෞද්ගලික සමාගමක් තවමත් එම සතුන් ලබා ගැනීම සඳහා ඉදිරිපත් වී සිටින බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
වගාවන්ට සිදුවන සත්ව හානි වලක්වා ගැනීම සඳහා පරිසර සංවිධාන ඇතුළු විවිධ පාර්ශව වලින් කෘෂිකර්ම අමාත්‍යංශය යෝජනා ලබා ගැනීමේදී ඇතැම් සත්ව සුබසාධන සංගම් විකාර විසඳුම් ඉදිරිපත් කළ බව කී අමාත්‍යවරයා සාරි එල්ලීම ,ගොවි පොළ වටේ ටකරං බැඳීම,වගා බිමෙන් අක්කර භාගයක් වන සතුන්ට කෑමට ඉතිරි කිරීම ආදී විසඳුම් ද ඔවුන් ලබාදුන් බව කීය.
චීනයේ සත්වෝද්‍යාන වලට රිලවුන් යැව්වා නම් ඔවුන් මිනිසුන්ගේ ආදරය කරුණාව මැද ජීවත්වන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන් තුවක්කු ඉල්ලන බවද එවිට අවසානයේ වන්නේ කුමක්දැයි ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මී හරක් පාර්ලිමේන්තුවට යවලා රිලව් චීනයට යවන ලෝකයේ එකම රට චී ලංකාව.
පුදුම කතාවක්නේ මෙයා කියන්නේ.... වනසතුන්ගෙන් වෙන හානිය ඒ සම්බන්ධ මෙයාට නැතිව වෙන කාට කියන්නද? තමන් දන්න ඔය සීතල කාමරේ ඉන්න... නෝනා මහත්තුරුන්ට නිකම් පඩි ගෙවන්නේ නැතිව ගෙදර යැව්වා නම් ඉවරයිනේ. ඔහෙලාට කොහොමත් අමාරුවක් නැහැ. ඔය නාකි නඩේ අතපය හෙලෙව්වේ නැති වුණාට. කටයි, බඩයි පුරවන්නේ මේ අහිංසක මිනිසුන්... තුවාලේ තියෙන මිනිහා වේදනාව දන්නේ... ගෙදර හාමිනේගේ ඕකිඩ් පැලේ වඳුරෝ කාලා ගියා නම් බලාගන්න තිබුණා. නාකි නඩේ. වෙඩි පත්තුකරන්... හාමිනෙයි බේබිලයි බයයි ගෙදර ඉන්න. අපිට ආරක්ෂාව ඕනෑ කියලා. හොඳ නැටුම් නටයි. මොවුන්ව එක රැයින් ගෙදර යවන්න ඕනෑ...
රිලා සංවිධාන වලට කියන්න ගොවීන්ට රිලවුන් වෙනුවෙන් වවන්න බැහැ. සංවිධාන ලොක්කන්ට ඇවිල්ලා ගොවිබිම් අසල රිලවුන්ට වගාවන් කරන්න කියලා එහෙම නැත්නම් ගොවීන්ට ටකරන් හා ප්‍රමාණවත් තරම් සාරි අරන්දෙන්නේ කියලා ගොවීන්ට හරියට ඇඳුමක් නැතුව සිටිද්දී ගොවිපළ වටේ සාරි ඇදපංකෝ. සංගම්වල අයට ඩොලර් ලැබුණාට ගොවීන්ට හරියට කන්න බොන්න නැතිව රිලවුන්ට වවලා දීපල්ලා කියන සංගම්වල ලිපි ගොවීන්ට බලන්න දාන්නකෝ...
ප්‍රශ්නය ගැන දැනීමෙන් අඩු අය සතුන් දෙස මෛත්‍රියෙන් බැලීම ගැන කියන්නේ විකාර විසඳුම් කියලා. ගොවීන්ට රිලවුන්ගෙන් ගැටළු තියෙනවා තමයි. ඒත්, රිළවුන් චීනෙට දීම එයට නිවැරැදි විසඳුම නෙමෙයි. නිකං රට නොදන්නා සුරංගනා කතා එපා. චීනුන් රිලව් වඳුරන්ගේ මොළය සතා පණපිටින් ඉඳිද්දීම කනවා. සත්තු වත්තේ ආදරයෙන් බලාගන්නවලූ. චීනුන්ගේ සත්ව කරුණාව ගැන යූටියුබ් එකේ හොඳ හැටි සාක්ෂි තියෙනවා. ගොවි ජනතාව අප ගැන අමනාප වෙන්න එපා. ඔබගේ දුක අප දන්නවා. ඒත් එයට නිසි විසඳුම් දෙන්න ඇමැතිතුමා දන්නේ නැහැ. රටේ තේ වතු ආශ්‍රිතව සිටි දිවියන් පුඩු තබා සීමාවක් නැතිව මැරුවා. සුළු ජාතීන්ගේ ඡන්ද ටික නැතිවෙන නිසා ඒවා වැළැක්වීමට කටයුතු කළේ නැහැ. දිවියන් අඩුවීම නිසා රිලා ගහණය වැඩි වුණා. තවද,මේ සතුන් බෝවීම පාලනය කරන ක්‍රමවේද ගැන උගතුන් මෙහෙයවන්නේ නැහැ. එසේ කරනවා නම් මේ ප්‍රශ්නය විසඳීම අසීරු නැහැ. තමන්ගේ නොහැකියාව ගැන නොකියා ගොවි ජනතාව රවටන්න වෙනත් විකාර දේ කියනවා. කෘෂිකර්මය ගැන සොබාදහම ගැන පරිසර තුලනතාව ගැන නොදත් අය මේ වගේ තනතුරු සඳහා පත්කළ විට වෙන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි. ගොවි ජනතාව මේ ගැන හොඳින් දැනුවත් වී සිටීම වැදගත්...
තමුන් දන්නවද චීනෙ සත්වෝද්‍යාන කීයක් තියෙනවාද කියලා?
ඔව්, ඔහු නායකයෙක් නොවේ...
ඇමැතිගේ වුවමනාවට හිටපු පළාත් සභා මන්ත්‍රීලා නැවත පත් කරන්න පුළුවන් නම් ඔබේ වුවමනාවට රිලව් ටික රටපටවන්න බැරි ඇයි? ඩොලර්වලින් යැපෙන අම්මණ්ඩිලාට ඔබ යටත්ද? අඬන්නේ නැතිව කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ඇමතිතුමෝ...
රිළව් නෙවෙයි, මැති ඇමැතිලයි පටවන්න ඕනෑ සූ එකට... වන සතුන්ට වඩා මිනිසාට බරපතල තර්ජනය මොවුන්... ඔය විදිහට හිතුවොත් ඒකෙ සතෙක්වත් මේ රටේ ඉතිරිවෙන එකක් නෑ. මුලින් රිළව්... ඊළඟට මොනරු... ඊළඟට මොක්කුද?
හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියනවනේ... කවුද රිළව් ගැන රිළවුන්ගෙන් අහන්නේ?
බැරිනේ? අයින් වෙන්න වහාම. මීට හොඳයි රිලවෙක් ඔය පුටුවේ හිටියා නම්....
අධිකරණයට ගිහින් යවන්නෙ නෑ කියලා පොරොන්දු වුනේ පරිසර සංවිධානද?
රිලවුන් වෙනුවට විකල්පයක් ලෙස සත්ව සුභසාදකෙ ඉන්නා පිරිස චීනයට යවන්ට.