
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වගාවට හානි කරන රිලව් මරා දැමිය යුතු බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රිලව් මරා දාන්න ලාල් කාන්ත මැතිතුමත් රිලව් මරන්න ඕන බව කියා තිබුණා.මමත් ඒ කතාව අනුමත කරනවා.
අපිට තුන්වේලට කන්න පොල් ඕන.බත් ඕන. මාළු ඕන. ඒවා අපේ ප්‍රධාන ආහාර.රිලා ප්‍රශ්නයට ආණ්ඩුව වහාම වැඩපිළිවෙළක් හදන්න ඕන යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර රටවල් වගාවට හානි කරන සතුන් මරා දැමීම අනුමත කරලා තියෙනවා...
කුකුලන් මිලියන ගණනින් මරලා කෑවට වඳුරන් මරන එක පාපයක්...!
දේශපාලන මති මතාන්තර අමතක කරමු. රිලා හානියට විසඳුම ගොවියන් සංවිධානය වී ආරක්ෂක හමුදා සහයෙන් වෙඩි තබා අදාල ප්‍රදේශයේ සිටින රංචුවෙන් කීපදෙනෙක් මරා දැමීමයි. ඉතිරි කොටස ඉබේම ගොවිබිම්වලින් වනාන්තරවලට පලා යනු ඇත.
ගුඩ් අයිඩියා..... ඕක ඉතින් මැදමුලන රිලා රංචුවෙන්ම පටන් ගන්න, මන්ත්‍රී තුමනි....
වදුරන් රිලවුන් නැතිවන තෙක් මැරීම අවශ්‍ය නොවේ. බුද්ධිමත් සතුන් බැවින් දෙතුන් දෙනෙක් මැරෙන විට ඒ කලාපයෙන් සදහටම ඉවත්වේ. ගොවි ජනතාව මේ බැව් හොදින් දනී. ඒත් ඔවුනට තුවක්කු නැත.
ඔබ කියන කතාව හරියට හරි .ඔය වගේ ම තමා ගංගා ඇල දොළ වල සිටින කිඹුලන් මේ සතුන්ගෙන් වන හිරිහැර එමටයි .එම නිසා ගංගා ඇල දොළ මිනිස් වාසස්ථාන වල සිටිනා කිඹුලන්ද විනාශ කල යුතුයි
පට තුන් වේලට කන්න පොල් ඕන, බත් ඕන, මාළු ඕන" කියන හම්බන්තොට දිලිප් වෙද මහත්තයාට අමතක වූ දෙයක් සිහිපත් කරන්න ඕන.... "අපට තුන් වේලට කන්න පොල් ඕන, බත් ඕන", මාළු නැත්නම් මිරිසට හදපු රසවත් රිලා මස් හොද්දක් හරි ඕන.... ඔන්න වේද මහත්තයෝ, රිලා ප්‍රශ්නය එතනින්ම ඉවරයි නේද???
මෙයා කියන විදිහට රිලවුන්ව අමු අමුවේ මරලා දානකොට අර සිංහල බෞද්ධ සබ්යත්වය තියන සත්ව හිංසාව ගැන එතකොට මොකද වෙන්නේ අපේ හාමුදුරුවනේ ?
ඔහොම කියන කෙනා බෞද්ධයෙක්ද ?කෝ ඔහුගේ කරුණාව මෛත්‍රිය ?
ඔන්න මොළේ ඇති කතාවක්, ඕක කියාගන්න කයියෝ එකෙක්ටවත් පණක් නැහැ, එත් ඇත්ත විසඳුම ඕක තමයි. රිළව් මරාදමන්න
රිලව් මරමු ,අපි වඳුරගෙන් පැවත එන නිසා උන් අපේ පාරම්පාවේ ලේ ඥාතීන් ආරක්ෂා කරමු
ලෝකයේ බොහෝ රටවල සත්ව ගහනය වැඩි වෙන නිසා අවුරුද්දකම වාගේ අතිරික්ත සතුන් ප්‍රමාණයක් යම් නිර්දේශයන් මත විනාශ කිරීමට අදාළ රජයන් යම් කාලයක් ප්‍රකාශ කරනවා