(තිළිණි ද සිල්වා)
රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරුට අධිකරණයෙන් නියම කර තිබූ මරණ දඬුවම අහෝසි කර ඔහු නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය මඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් එම විත්තිකරු වහාම යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
කොළඹ 08 , කාසල් පාරේ පිහිටි කාන්තා මාධ්‍ය එකමුතුව මඟින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ආගමන විගමන පාලක ඇතුළු 10 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
“දෙවැනි වගඋත්තරකරු රෝයල් පාර්ක් ඝාතන නඩුවේ විත්තකරු වේ. ඔහුට නියම කර ඇති මරණ දඬුවමෙන් නිදහස් කිරීම සඳහා ජනාධිපති සමාව ලබා දී ඇති බව මාධ්‍ය මඟින් දැන ගන්නට ලැබිණි.
ජනාධිපතිවරයාට මෙවැනි සමාවක් ලබා දීමට බලයක් තිබුණද අමානුෂික මිනීමැරුමක විත්තිකරුවකු වන දෙවැනි වගඋත්තරකරුට සමාව නොදිය යුතුව තිබිණි.
මෙයින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවේ. එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද, තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
එසේම දෙවැනි වගඋත්තරකරුට රටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම් විභාගය නිමවන තුරු ජනාධිපති සමාව දීම අත්හිටුවන ලෙසද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ ක්‍රියාවක්. වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුය.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ නැගනියද වග උත්තර කාරියක් ලෙස නම් කල යුතුය. මේ අපරාධයේ මුලික වගකීම ඇය සතුබව සඟවන්නේ මන්ද...?
අපේ මිනිස්සුන්ට රජකම ලැබුනත් ගොබ්බකම නැති වෙන්නේ නෑ. අයියෝ මෛත්‍රී , කට් ද රිබන්.
ලොක්කන් යන්න ඉස්සරවෙලා පෙරලන්න පුලුවන් හැම බාල්දියක්ම පෙරලන වග මෙයින් පේනවා. මත්කුඩුකාරයන් කොළ නැති ගහේ යවන එකත් බාලගිරි දෝෂයත් වගේම දෙයක්. අද නොවේ හෙට කියන, කියන එක නොකරන, කරන දේ හංගන, අපේ රටේ "තෝරාගත්" එකම ජනාධිපති හැටියට මොහු ශ්‍රී ලංකා ඉතිහාස පොතට එක්වෙනු ඇත !!!! ඔබට දැන් සතුටුද ?
ජනධිපතිවරයා සතු බලතල අනුව ඕනෙම තැනැත්තකුට ලබාදුන් දඩුවමක් අහෝසි කරන්න බලය තියෙනවා. ඒ අනුව මේ සම්බන්ධව කිසිම කෙනෙකුට ප්‍රශ්න කිරීමේ හැකියාවක් නැහැ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින නිතිමය ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව තමයි ශ්රමාන්තට ජනාධිපති සමාව ලබාදිම කර තිබෙන්නේ. ජනාධිපති සිරිසේන ඔහුට සමාව දෙන බව නිදහස් කරන දිනට සතියකට පෙර ප්‍රකාශයක් කළා. එහෙම නම් ඔය කාන්තා සංවිධානය ඒ දිනවල තමයි ඔය නඩුව පවරන්න තිබුණේ. එසේවුවා නම් යම් විටෙක ඔහු නිදහස් වන දිනය කල් යන්න පවා ඉඩ තිබුනා. එසේ නොකර අශ්වයා ගියාට පස්සේ ස්තාලය වහනවා වගේ ඩොලර් මිලියන ගණන් ලබාගන්න ඔය එන්ජිඕ නඩ විවිධ දේවල් කරනවා. ඒකෙන් කිසිම දෙයක් ඉවොන්ගේ පවුලේ අයට වැඩක් නැහැ. ඩොලර් ගිලිම තමයි කාන්තා සංවිධානයේ අරමුණ.
අලුත් සෙල්ලමක් පටන් ගන්න යන්නේ. මෙහෙම ගියොත් නීතිය වැඩක් වෙනවද තමන්ට කැමති කට්ටිය නිදහස් කරන ක්‍රමයක්
මෙම සමාව දීම මුට්ටිය දැමීමකි. මෛත්‍රී කළ දෙයට කවර ප්‍රතිචාරයක් ලැබෙයිදැයි බලා සිටින අයද සිටිති.
අලුත් ව්‍යවස්ථාවක් හදනකොට ජනාධිපතිට තියෙන මේ සමාව දීමේ වගන්තිය ඉවත් කරන්න. විශේෂයෙන් මරණ දඬුවම ලැබුන අයට. ඉතින් මොකටද අපේ සල්ලි වියදම් කරල නඩු අහන්නෙ..?
අගමැතිතුමා ඉවත්කරලා නැවත පත්කළා වගේ යළිත් මෙම වැරදිකරුට මරණීය දඬුවම දීම වටිනවා...
කුමට මෙරට අධිකරණය... නීතිය සහ විනිසුරුවන්...!