
(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතු රියදුරු බලපත්‍ර මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම නිසා රියදුරු බලපත්‍ර කාඩ් ලක්‍ෂ 8 කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කිරීම මාස ගණනක් ප්‍රමාද වී ඇති බවත් එම තත්වය හමුවේ මේ මස 19 වැනිදා සිට නිකුත් කළ තාවකාලික රියදුරු බලපත්‍රවල කාලය වසර දෙකක් දක්වා දීර්ඝ කළ බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.
රියදුරු බලපත්‍ර මුද්‍රණ කරන නව යන්ත්‍ර මිලදී ගැනීමට රුපියල් කෝටි 20 ක් පමණ වියදමක් දැරීමට ප්‍රතිපාදන නොමැතිවීම නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය භාරව සිටින සමාගමෙන් කාඩ් පත් මුද්‍රණ යන්ත්‍ර ලබාගෙන කාඩ් පතකට රුපියල් 150 ක පමණ මුදලක් ගෙවීමේ එකඟතාව මත කාඩ් මුද්‍රණය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව ද එම නිලධාරියා කීය.
මේ පිළිබඳව කළ විමසුමේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේ රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන ආනයනික කාඩ් හිඟ හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ 8 කට වැඩි ප්‍රමාණයක් මාස 6 කට වැඩි කාලයක සිට මුද්‍රණය කිරීමට නොහැකිව ඇති බවත් එම රියදුරු බලපත්‍ර කාඩ් පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කිරීමට තීරණය කර කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත්ය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රියදුරු බලපත්‍ර ලක්‍ෂ 8 ක් තවමත් කොට උඩ