
(යොහාන් භාසුර)
තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර කාඩ්පත නිකුත් කිරීම ලබන සඳුදා (14 වැනිදා) ආරම්භ කරන බවත් එම අයදුම්කරුවන්ට කාඩ්පත තැපෑලෙන් යොමු කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා නිශාන්ත වීරසිංහ මහතා අද (10) ‘ලංකාදීප’යට පැවසීය.
තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයන් ලක්‍ෂ 6 කට ආසන්න සංඛ්‍යාවකට එම ආකාරයට කාඩිපත නිකුත් කරන බව කී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සති කීපයකින් කාඩ්පත් නිකුත් කිරීම අවසන් කරන බව ද සඳහන් කළේය.
රියදුරු බලපත්‍ර කාඩ්පත් ලක්‍ෂ 5 ක් මේ වන විට ශ්‍රී ලංකාවට ළගාවී ඇති බවත් ඉතිරි කාඩ් ලක්‍ෂ 5 ත් ඉදිරියේදී ලැබීමට නියමිත බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා නිශාන්ත වීරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන ආනයනික කරන කාඩ්පත් නොමැති වීම නිසා වසර දෙකකට අධික කාලය සිට රියදුරු බලපත්‍රය සඳහා තාවකාලික කඩදාසි බලපත්‍රයක් පතක් නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියඳුරු බලපත්‍රය ලැබුනේ නෑ.
වසර දෙකක් ගතවුණා ඒත් තවමත් මගේ රියදුරු බලපත්‍ර කාඩ්පත ලැබුනේ නෑ. තාවකාලික බලපත්‍රය බොද වෙලා තියෙන්නේ .රියදුරු බලපත්‍රය ඉක්මනින් ලබා ගැනීමට හැකි ද?
2022-10 මාසයේ අලුත් කිරීමට බාර දුන්නු නමුත් මෙතෙක් ලැබී නෑ. තාවකාලික කොලය කෑලි අටයි...!
කාඩ් නිකුත් කරන්න බැරි නම් අලුතෙන් ටැම්පරියක් දෙන්න . මොන මගුලක්ද මේ ටෙම්පරිය දියවෙලා
ලයිසන් එක අරං අවුරුද්දක් උනා තාම කාඩ් එක නෑ . කොලේ පාවිච්චි කරන්න අමාරුයි.තව ටැම්පරි ය ඕනෙම තැනකින් අලුත් කරන්න පුලුවන්ද
වසර 3 ට ආසන්නයි... තවම කාඩ්පත ලැබුනේ නෑ.