( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නොරෝච්චෝල නගරයේදී කුඩා ලොරි රථයක යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටිමේන් සිදුවු සිදුවු අනතුරකින් පස් හැවිරිදි දරුවකු මරණයට පත්ව දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.
මෙම අනතුරීන් මරණයට පත්ව ඇත්තේ කල්පිටිය පාලකුඩාව ප්‍රදේශයෙ පදිංචි අවුරුදු පහක් වයසැති වර්ණකුලසුරිය අරෝෂ් නැමති දරුවෙකි.
මාරක අනතුරින් මරණයට පත්වු දරුවා කල්කුඩාව පිපෙන කැකුළු පෙර පාසල් අධ්‍යාපනය හදාරන සිසුවෙකු බව කියයි.
අනතුරින් බරපතල ලෙස තුවාල ලබා සිටි මරණයට පත් දරුවාගෙ පියා හා ඔහුගෙ මිතුරේකු බරපතල තත්වයෙ සිටිම හේතුවෙන් පුත්තලම මූලික රෝහලින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවු බව රෝහල් බලධාරීන් පවසයි.
නොරෝච්චෝල නගරයෙ මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට දි මෙම මාරක අනතුර සිදුව තිබු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd