(ගයාන් සූරියආරච්චි)

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන පෑලියගොඩ එෆ්. එම්. හන්දිය අසලදි කැබ්රථයක් පා පැදිකරුවන් දෙදෙනකුගේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබු පාපැදිකරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමේදී එක් පැදිකරුවකු මියගිය බව පෑලියගොඩ පොලිසිය පවසයි.

 මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ජාඇළ ප්‍ර දේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පෑලියගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.