
(අමදෝරු අමරජීව )
ත්‍රිකුණාමලය නුවර ප්‍රධාන මාර්ගයේ ගල්මැටියාව අනූඅට පෙදෙසේදී සිදුවු කැබ්රථ හා යතුරුපැදි අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනාම මියගිය බව තඹලගමුව පොලිසිය කියයි .
යතුරුපැදිය ත්‍රිකුණාමලයේ සිට කන්තලේ දෙසට ඊයේ (21) රාත්‍රී ගමන් කරද්දී ඊට ප්‍රති විරුද්ධ දිසාවෙන් නියමිත මංතිරුවේ පැමිණි කැබ්රයේ වැදී ඇත්තේ යතුරු පැදිය දකුණු පස අතුරු මාර්ගයට හැරවීමට යෑම නිසා බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
අනතුරින් මියගොස් තිබුණේ ත්‍රිකුණාමලය සෝභිතගම පදිංචි විජේවීර ගුණරත්න මහා විධාන මුහන්දිරන්ලාගේ චන්ද්‍රසිරි (60) හා තඹලගමුව ගල්මැටියාව පදිංචි වෑවල හේරත් මුදියන්සේලාගේ පොල්වත්තේ ගෙදර චන්ද්‍රසේකර (59) නැමැති අයවලුන්ය.
කැබ් රථය මූතුර් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් එකක් වන බව පොලිසිය සඳහන් කළේය.අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd