
(ජී.ඒ.පී. කුමාර)
අනුරාධපුර පුත්තලම මාර්ගයේ අන්දරවැව ගලයාය මන්සංධියට නුදුරින් අද (24) ත්‍රී රෝද රථයක් හා වෑන්රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයකු මියගොස් පාසල් දරුවන් තිදෙනකු තුවාල ලබා ඇතැයි නොච්චියාගම පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථය පැදවු අඩම්පනේ නොච්චියාගම පදිංචි හතලිස් හත් හැවිරිදි ඩී.සුමිත් රත්නායක නැමැති දෙදරු පියෙකි.
පොලීසිය පවසන පරිදි මිය ගිය අය තම ත්‍රී රෝද රථයෙන් ඔහුගේ දියණිය හා පුතා සහ දියණියගේ යෙහෙළියක් ඔවුන් අධ්‍යාපනය ලබන බුළංකුලම මහා විද්‍යලය වෙත රැගෙන යමින් සිට ඇත.
එම අවස්ථාවෙදී ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදියක් මාර්ගය දෙසට හැරී ඇති අතර එම යතුරු පැදිය ත්‍රී රෝද රථයේ ගැටීම මග හැර යතුරු පැදිය පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිය අනතුරින් දෙදරු පියා මරුට
සෙනෙවිරත්න Thursday, 24 October 2024 12:41 PM
කන ලඟින් ඉස්සර කරනකොට ඔහොම පාරට කපන්න වෙනව,එතකොට ඉස්සරහින් එන එකත් මැදින් ආවොත් ඉවරම තමා.
ගුණරත්න Thursday, 24 October 2024 03:03 PM
ඉස්සරහින් යන එකා මොකක් කලත් පිටුපස්සෙන් යන එකා දැනගන්න ඕන වෙලාවට නවතාගන්න පුළුවන් ඉඩක් තියාගන්න, එහෙම නොකළ එකේ විපාකය තමයි ඔය. බයිසිකල්කරුවා නොවෙයි වරදකරු.