
(රුවන් පතිරණ )
කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී අද (12) ටිපර් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනකු මිය ගොස් ඇති බව වරකාපොල පොලිසිය පවසයි .
මෙම අනතුරින් මියගොස් ඇත්තේ කොටවැල්ල ,රඹුක්කන ලිපිනයේ පදිංචි එකම පවුලේ පියා ,මව සහ පුතා බව පොලීසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ ධනුෂ්ක ගයාන් පින්නවල , සිංහාසන වඩු ගම්ලත්ගේ දිනේෂා ශ්‍රීනානී ගම්ලත්ගේ ,පින්නවල හේවයලෑ ගීත්ම තත්සර පින්නවල යන තිදෙනා බව පොලීසිය සඳහන කරයි .
මෙම තිදෙනා ත්‍රීරෝද රථයෙන් ගාල්ල ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටියදී වරකාපොල තුල්හිරිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථය එක්වරම මාර්ගයෙන් ප්‍රතිවිරුද්ධ මංතීරුව දෙසට ගමන් කර කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ වැලි පැටවූ ටිපර් රථයේ ගැටෙන ආකාරය ඒ අසල නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ බව පොලිසිය පවසයි.
අනතුර සිදුවූ ටිපර් රථයේ රියදුරු මේ වනවනවිට වරකාපොල පොලීසිය අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ත්‍රී වීල් , සෑහෙන ජනගහනයක් අඩු කරනවා, මේ මිනිස්සුන්ගේ නොසැලකිල්ල
ත්‍රීවීලර් තියෙන්නෙ ට්‍රිප් යන්න නෙවෙයි කෙටිදුරක් ඉක්මනින් යන්න.ඒක දැනගත්ත දවසට මෙහෙම අනතුරු වෙන එකක් නැහැ.
මේ ත්‍රිරෝද වසංගතය ඉක්මනින් ඉවත් කරන්න ඕනෑ, මොනතරම් අනතුරු දවසකට සිද්ද වෙනවාද? කිසිම ආරක්ෂාවක් නැති වාහනයක්, ඔවුන් යන්නෙත් BMW, පදිනවා වගේ....
වර්තමාන මාර්ග ප්‍රවාහන අංශයේ දියුණුව සලකනවිට ත්‍රි වීල් තවදුරටත් භාවිතයට සුදුසු නොවේ.
ත්‍රී වීල් එලවන අය හිතාගෙන ඉන්නේ මුළු පාරම එයාලගේ වගෙයි.පාර මැද ගාටනවා .හිටපු ගමන් එකවරම පාරට දානවා .හරවනවා
කරුමෙ තමයි සේරටම ගෙවෙන්නෙ සියලුම දේට වැඩිය හොදයි හිමින් ගමන්බිමන් යන්න. කල්පනාකාරී වෙන්න. මහ ඌරට කියලා පොක්සගන් කාර් ගෙනහල්ලා දෙන්න කියන්න.