(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාර ජුබිලි බුලස් හංදිය ප්‍රදේශයේ දී පුද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් අට දෙනකු රෝහල් ගත කර ඇතැයි  බම්බලපිටිය පොලිසිය කියයි.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනකු වන බව පොලිසිය කියයි.

කොළඹ සිට කතරගම බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථය විදුලි පහන් සංඥා නොතකා ධාවනය කිරීමත් සමගම සංඥා වලට අවනතව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වූ ලොරි රථයේ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

 තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.බම්බලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි