
(සුජිත් හේවාජුලිගේ)
ඩෙංගු වාසස්ථාන ඇති විය හැකි හෙයින් රඹුටන් මැංගුස් ලෙලි තැන තැන දැමීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
රඹුටන් සහ මැංගුස් වාරය මේ දිනවල ක්‍රියාත්මක වන හෙයින් ජනතාව එම පලතුරුවල ලෙලි බොහෝ පිරිස් තැන තැන විසි කරන තත්වයක් නිරීක්ෂණයවන හේතුවෙන් තමා මෙසේ ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
ඩෙංගු කීටයන්ට බෝ වීමට පලතුරු ලෙල්ලක් වැනි මෙවැනි කුඩා ස්ථානයක් වුව ප්‍රමාණවත් බව
දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ නිරීක්ෂණයක්...
අපේ මිනිස්සුන්ට විනය හදන්න දඩ ගහන්නම ඕනේ. නැතිනම් ජපානේ වගේ පාසැල් වල පරිසරය පිරිසිදුව තියාගන්න ක්‍රියාකර කම් දැන්ම පටන් ගන්න ඕනේ.අඩුම ගානේ ඉස්කෝල වල යන ළමයි ,ගුරුවරු වත් ඉස්සරවෙලා හැදෙයි .