(ඉන්දිකා රාමනායක)
රඹුක්කන විරෝධතාවයට සහභාගී වෙමින් අයුතු ජනරාශියක සාමාජිකයකු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි .
මෙම සැකකරු නිල් පාට ටී ෂර්ට් එකක් සහ .හමුදා කැලෑ ඇඳුමට සමාන කොට කලිසමකින් සැරසී විරෝධතාවය සිදුවූ අවස්ථාවේ දුම්රිය මාර්ගය හරස් කර නවතා තිබූ බවුසරයේ ඉදිරිපස ගින්න හටගෙන තිබූ ස්ථානයේ තිබී යමක් ඉවතට විසි කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා සැරිසරමින් තිබූ බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු රඹුක්කන පින්නවල මාවතේ පදිංචි (28) පුද්ගලයෙකි .
සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද (23) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට මෙයාද වෙඩි තියලා තියෙන්නේ..?
මෝඩ උද්දච්ච පොලිසිය. ඇවිලෙන ගින්නට පිදුරු නොවේ පෙට්‍රල් දානවා. තම වැරදි වහගන්න කරන මෝඩ වැඩ.