
(ඉන්දිකා රාමනායක)
රඹුක්කන ප්‍රදේශයේ ඇති වු සිද්ධියෙන් පසු කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, රඹුක්කන පොලිස් අධිකාරි සහ රඹුක්කන පොලිස් ස්ථාධිපතිවරයා ඇතුලු තිදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
මෙම සිදුවීමේ දී අගතියට පත් පාර්ශවයට සහ සාක්කිකරුවන්ට ස්වාධීනව විමර්ශන වලට , අධිකරණ කටයුතු වලට සහභාගිවීම සදහා ස්ථාන මාරුවීම් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථාන මාරු වගේ සීනි බෝල නොදා සේවය අත්හිටුවා පරීක්ෂණ කරන්න. ඒත් ඉතින් ඔයාලාමනේ කරන්නේ... වැරැදි කාරයෙක් නැතිවෙයි.
දැන් මාරු කළාම මැරුණු අයට සාධාරණයක් ලැබෙනවාද?.
අර ජනාධිපති ඇමැති මණ්ඩලයක් මාරු කරනවා වගේ.., මෙයාලා මාරු කරලා හරියන්නේ නැහැ. දැන් ඉතින් අප්පුහාමිලා එල්ලුම්ගස් යන්න ලෑස්ති වෙන්න...!
මිනිස් ඝාතන කරලා මාරුවෙන්න පුළුවන්ද?
ගෝල්ෆේස් ගිය කෙනාගේ වැඩ තහනම්. වෙඩිතියලා අහිංසකයෙකු ඝාතනය කළ අයට ස්ථාන මාරු. මාර වැඩක් ලංකාවට වෙලා තියෙන්නේ.
දැන් ගිය තැන මිනිස්සුන්ට වෙඩි තියයි.
පොලිසියේ, බන්ධනාගාරයේ, රේගුවේ ඕනෑම තැනක අකටයුත්තක් වුණොත් කරන්නේ හිරේ දාන එක නොවේ... ස්ථාන මාරු. මේක පුදුම නීතියක්...
ස්වාධීන පරීක්ෂණයක් කළයුතු අවස්තාවේ වරදක් කළ පාර්ශවයේ අයම පරීක්ෂණයක් කරනවා... නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ වගේ තීන්දුව දෙනවා. ඒ නිසා පොලිසිය කරන වැරැදි විමර්ශනය සඳහා වෙනත් ආයතනයක් වහාම පිහිටුවිය යුතුයි.. පොලිස්කාරයින් මිනීමැරුමක් කළාම මාරුකරලා යවනවා. සාමාන්‍ය කෙනෙක් කළොත් රිමාන්ඩ් කරනවා. මොකක්ද මේකේ තේරුම...?
පොලිස් පුහුණුවීම්වලට මනුෂ්‍යත්වයත් ඇතුළත් කරන්න.
පොලිසියට පාරේ බැහැලා යන්න බැරි තැනට වැඩ සිද්ධ වෙලා ඉවරයි. දැනටම අපහාස උපහාස කරන්නට පටන්ගෙන. ගෙවල්වල ඉන්න අය මේවා නිසා මානසිකව වැටෙනවා. තකතීරු නිලධාරී කීප දෙනෙකුට වෘත්තීය ගරුත්වය විනාශ කරන්න ඉඩ දුන්නු පාපය...
ඔය දීලා තියෙන්නේ උපරිම දඬුවම්...
අමු අමුවේ මිනීමරලා මදිවට බී වාර්තාව ටිපෙක්ස් කරලා වෙනස් කළා. ඒකට පොලිස්පති ඉඳන්ම අස් කරලා පෙන්ෂන් නැතිව ගෙදර අරින්න ඕනෑ.
නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තියපු කාරණාවට ප්‍රධානීන් මාරුකරලා හරියනවද? නීතිගරුක, විනයගරුක පොලිසියේ වැඩකෙරෙන්නේ එහෙමද? වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීම පළමුව සිදුකළ යුතු අතර අනතුරුව සියල්ලන්ටම පිළිගතහැකි ආකාරයෙන් විනිවිද භාවයෙන් යුතු ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. අනතුරුව වැරැදිකරුවන්ට උපරිම දඬුවම් පැමිණවීම කළ යුතුයි. මිනිස් ජීවිතයක වටිනාකම නොහඳුනන තිරිසනුන්ගේ තරාතිරිම කෙසේවුවත් පොලීසිය තුළ නොව සිවිල් සමාජය තුළවත් රැඳීසිටීමට ඉඩ සැලැස්වීම බරපතල වරදකි. ඔවුන්ට හිමි සිපිරි ගෙදර මෙදාපාර හිමිවීම වැළැක්වීම කිසිවෙකුට නොහැකිවනු ඇත...!