(සමන් පාලිත නානායක්කාර)

දිගින් දිගටම සවස් කාලයේ පවතින අධික වැසි සමග නාය යාමේ අවදානමක් ඇති රාමක්‍රිෂ්ණ වත්තේ පවුල් 22ක් ආරක්ෂිත ස්ථානවලට යොමු කළ බව කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය කේ.ඒ.ජේ ප්‍රියංගනී මහත්මිය පැවැසුවාය.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයකට අනුව අද 31 සවස මෙම පියවර ගෙන ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මෙම ස්ථානය කළ භූමි පරීක්ෂාවකදී භූමියේ විශාල පැලුම් කිහිපයක් නිරීෂණය කිරීමෙන් පසු අධික වැසි අවස්ථාවකදී ඒ ආශිතව අධි අවදානම් කලාපවල පිහිටි නිවාස වල පුද්ගලයන් පදිංචිව සිටීම නුසුදුසු බවට ලබාදුන් නිර්දේශ අනුව මෙම පියවර ගත් බව ප්‍රාදේශී ලේකම් ප්‍රියංගනී මහත්මිය කීවාය.

මේ අතර බෙරගල කොස්ලන්ද මාර්ගයේ පහළ විහාරගල ගල්කන්ද ප්‍රදේශයෙන් අද 31 සවස ඉහළ කන්දේ සිට දැවැන්ත ගල්පර්වතයක් සමග පස් කන්දක් මාර්ගයට පෙරළී ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි පොලිසිය කියයි.

විශාල ගල් පර්වතයක් වීම හේතුවෙන් කඩා ඉවත් කිරීම හෝ පෙරළා දැමීම අසීරු වී ඇති බව ද පොලිසිය කියයි.

කෙසේ වෙතත් මෙම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය එම මාර්ගය භාවිතා කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.