(රංජන් කස්තුරි)
ජාතික රූපවාහිනී සංස්ථාවේ සහ ස්වාධීන රූපවාහිනී සේවයේ බලධාරීන්ට හෙට (05) මැතිවරණ කොමිසන් සභාව හමුවේ පෙනී සිටින්නැයි එම කොමිසන් සභාව දැනුම් දී තිබේ.
ජාතික රූපවාහිනී සංස්ථාවේ සහ ස්වාධීන කොමිසන් සභාවේ ඉහළ කළමනාකාරීත්වයට අද පෙරවරු 10.30 ට පමණ රාජගිරිය මැතිවරණ කොමිසන් සභාවට පැමිණෙන්නැයි දන්වා තිබේ.
ජතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනී සේවය දිගින් දිගටම මැතිවරණ නීති මාධ්‍ය උපමාන උල්ලංඝනය කරමින් පක්ෂග්රාහීව කටයුතු කරන බවට මැතිවරණ කොමිසන් සභාවට ඉකුත් දිනවලදී පැමිණිලි ලැබී තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මාර වැඩක්නේ. එතකොට අනික් ඒවා හරිද?
ආණ්ඩුව පැරදුනොත් ගෙදර යන්න වෙනවා. රැක ගන්න ගියොත් කොමිසමට යන්න වෙනවා. ටිකක් බැනුම් ඇහුව වගෙ නොවේ රස්සාව ගහල ගියොත්.
පෞද්ගලික මාධ්‍ය ආයතන වලට රටේ නිතිය වලංගු වෙන්නේ නැද්ද ? ඒආයතන කිහිපයක්ම අමු අමුවේ එක අපේක්ෂකයෙකු වෙනුවෙන් ප්රචාරක කටයුතු කරන බව හොඳටම පෙනෙනවා.
71 වසරක මේ රටේ ශාපයට හේතුව රටේ පක්ෂ දෙක ගෙනගිය ප්‍රතිපත්තියක් නොමැති පොරොන්දු දේශපාලනය. මෙය දැන් පිටුදකිමු. අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන් කරමු. තවමත් හිත යටින් අන්ධව විශ්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනාවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්නා බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකමක් මෙමගින් ලැබේ.)
එතකොට පුද්ගලික නාලිකා? ඒවත් තමන් කැමති එක අපේක්ෂකයෙකුට විතරක් අනුග්‍රහය දක්වන බව පෙනෙනවා නේද? ඒවත් බලන්න ඕනේ නැතිද?
එතකොට අර නාලිකා දෙකට ඔය දේවල් අදාළ වෙන්නේ නැද්ද? මේක කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීතිය වගේනේ.
මීට වැඩිය අපක්ෂපාතිව කටයුතු කරනවානම් හොඳයි. අනෙකුත් නාලිකා, පාදෙණිය වගේ සිද්ධීන් ගැන කිසි කතාවක් නෑ.