(ගයාන් සූරියආරච්චි)

සෙට්ටිකුලම ප්‍රදේශයේ දී ප්‍රදේශයේදී ඉකුත් 30 දා අඹුසැමි යුවළක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් උරිත්තිපුරම ප්‍රදේශයේ දී් සෙට්ටිකුලම පොලිස් නිලධාරින් විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූවේ 19 හැවිරිදි මොහොන්තන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.

රුපියල් දහදාහක් සහ රන් මාලයක කොටසක් කොල්ලකා පලාගොස් තිබූ බවත් සැකකරු ඇඳ සිටි ඇඳුම සහ රන්මාලයේ කොටසක් බෑගයක දමා ළිඳක ගිල්වා තිබියදී හමුවූ බවත් පොලිසිය පවසයි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

සෙට්ටිකුලම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නමලල මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.