IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රුපියල් කෝටි 140 ක මත්ද්‍රව්‍ය - දේපළ පොලිස් බාරයට

(යොහාන් භාසුර)

‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේදී දින 11 තුළ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වෙළෙදපොල වටිනාකම රුපියල් මිලියන 858 ක් හෙවත් කෝටි 85 කට අධික බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු රුපියල් මිලියන 558.5 ක් හෙවත් කෝටි 55 කට අධික දේපළ පොලිස් භාරයට ගත් බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය අද (31) පෙරවරුවේ පැවසීය
එම කාලය තුළ මහජනතාව මත්ද්‍රව්‍ය පිලිබදව තොරතුරු දීමට දුරකථන ඇමතුම් 10,798 ක් පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවල දුන් බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය.
එම දින 11 තුළදී හෙරොයින් කිලෝ 11 යි ග්‍රෑම් 600 ක්, අයිස් කිලෝ 8 යි 378 ක්, ගංජා  කිලෝ 297 යි 800 ක් සහ මත්පෙති 72,272 ක් ඇතුළු සෙසු මත්ද්‍රව්‍ය ද විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව ද එම අමාත්‍යංශය කීය.
සමස්ත මෙහෙයුම්වලදී මේ දක්වා සැකකරුවන් 20,797 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සැකකරුවන් 1,018 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බව කී එම අමාත්‍යංශය සැකකරුවන් 189 ක් සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.  
එම සැකක්රුවන් අතරින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 1,298 ක් පුනුරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4,584 න් සැකකරුවන් 1,625 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (1)

රුපියල් කෝටි 140 ක මත්ද්‍රව්‍ය - දේපළ පොලිස් බාරයට

Marikkar Monday, 01 January 2024 07:19 AM

එම මත්ද්‍රව්‍ය පැනඩෝල් කුඩු හෝ පිටි බවට පත් නොකිරීමට පොලිසිය උපරිම උත්සාහයක් ගත යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 845 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site