(යොහාන් භාසුර)
‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේදී දින 11 තුළ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වෙළෙදපොල වටිනාකම රුපියල් මිලියන 858 ක් හෙවත් කෝටි 85 කට අධික බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු රුපියල් මිලියන 558.5 ක් හෙවත් කෝටි 55 කට අධික දේපළ පොලිස් භාරයට ගත් බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය අද (31) පෙරවරුවේ පැවසීය
එම කාලය තුළ මහජනතාව මත්ද්‍රව්‍ය පිලිබදව තොරතුරු දීමට දුරකථන ඇමතුම් 10,798 ක් පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවල දුන් බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය.
එම දින 11 තුළදී හෙරොයින් කිලෝ 11 යි ග්‍රෑම් 600 ක්, අයිස් කිලෝ 8 යි 378 ක්, ගංජා කිලෝ 297 යි 800 ක් සහ මත්පෙති 72,272 ක් ඇතුළු සෙසු මත්ද්‍රව්‍ය ද විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව ද එම අමාත්‍යංශය කීය.
සමස්ත මෙහෙයුම්වලදී මේ දක්වා සැකකරුවන් 20,797 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සැකකරුවන් 1,018 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බව කී එම අමාත්‍යංශය සැකකරුවන් 189 ක් සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.
එම සැකක්රුවන් අතරින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 1,298 ක් පුනුරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4,584 න් සැකකරුවන් 1,625 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම මත්ද්‍රව්‍ය පැනඩෝල් කුඩු හෝ පිටි බවට පත් නොකිරීමට පොලිසිය උපරිම උත්සාහයක් ගත යුතුය.