(නිමන්ති රණසිංහ )
බන්ධනාගාරයන් හී රදවා සිටින රැදවියන් කෝවිඩ් අවදානමෙන් මුදවා ගැනිම සඳහා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ දෙවන මාත්‍රාව ඔවුන්ට ලබාදීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එහි මුලික අදියර වශයෙන් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 2067 දෙනෙකු සහ කාන්තා අංශ රැදවියන් 396 දෙනෙකු සඳහා කොරෝනා එන්නතෙ දෙවන මාත්‍රාව අද (08) ලබා දීම ආරම්භ කළ බව බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
එසේම , කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියන් 964 දෙනෙකු සහ නව මැගසින් බන්ධනාගාරයේ රැදවියන් 694 දෙනකු, සඳහා හෙට (09) ලබාදීමටද තීරණය කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඒ අනුව ඉදිරියේ දී දිවයිනේ අනෙකුත් බන්ධනාගාර වල රැඳවියන් සඳහා ද කොරොනා දෙවන එන්නත් මාත්‍රා ලබාදීමට සැලසුම් කර ඇතැයි ද හෙතෙම පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.