(ෂේන් සෙනෙවිරත්න)
මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රඳවියකුගේ සිරුර එල්ලෙමින් තිබියදී සොයා ගත් බව බලගොල්ල පොලිසිය කියයි .්
මෙලෙස මිය ගොස් ඇත්තේ රෙන්ගසාමි යුවනේස් (27) නැමැති මහයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන 54 වගන්තිය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවෙකු බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd