(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දින හතරක් නිරාහාරව සිටි රැඳවියකු මැගසින් බන්ධනාගාරයේ වතුර ටැංකියට වැටී මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ මාලිගාවත්තේ සාවුල් හමීඩ් මොහොමඩ් සපර්ඩින් ( 56) නැමැත්තෙකි.
මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් වැරදිකරු වී මාස එකහමාරක සිර දඬුවම් නියම කර බන්ධනාගාරය වෙත මෙම පුද්ගලයා එෆ් වාට්ටුව වෙත යොමු කර තිබූ බව පොලිසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.
තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි මෙම රැඳවියා බන්ධනාගාරයට යොමු කළ දින සිට ආහාර ගෙන නැතැයි පොලීසිය කළ දර්ශන වලදී හෙළි වී ඇත.
එම දින හතර තුළ රාත්‍රියටද නොනිඳා තිබෙන මෙම රැඳවියා වතුර ටැංකිය මත වාඩිවී සිටිනු දැක තිබූ වැසිකිළියට යමින් සිටී රැඳවියකු නැවත පැමිණෙද්දී පැමිණෙද්දී ඔහු වතුර ටැංකියට වැටී මත පාවෙමින් සිටිනු දැක ඒ සම්බන්ධයෙන් නිලධාරීන්ට දැනුම් දී තිබූ බව පොලිසිය කියයි.
ඒ සිටි බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් මෙම පුද්ගලයා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කරනවිටත් මියගොස් ව සිට ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd