(ක.ග.කරුණාරත්න)
වැලිකන්ද,කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්‍ධනාගාරය වෙත යවා සිටි පුනරුත්ථාපන ලාභියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසුව කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දැනට සිටින පුනරුත්ථාපනලාභීන් 474ක් සහ එහි කාර්ය මණ්ඩලය 131ක් නිරෝධායනයට ලක්කිරීම සඳහා අද(07) පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂ,වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවැසීය.
ඊට අමතරව මෙම රැඳවියා කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්‍ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත්තේ පොලොන්නරුව බන්ධනාගාරය මගින් බවත් එම නිසා පොලොන්නරුව බන්‍ධනාගාරයේද රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය ද නිරෝධායනට ලක්කරන බව ඒ මහතා කීය.
මොවුන් සියලුම දෙනා නිරෝධායනයට ලක්කරනු ලබන්නේ වෙනත් ස්ථානයක නොව ඔවුන් දැනට රැඳී සිටින ස්ථානවලම බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවසීය.
මේ අතර නිරෝධායනට යොමුකර සිටින මේ සියළුම දෙනා සඳහා පීසීආර් පරීක්‍ෂණද සිදුකරන බවත් හෙතෙම සඳහන් කළේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රැඳවියා ආසාදිතයකු වීමෙන් කන්දකාඩුවේ 605 ක් නිරෝධායනයට
Dr. Vajira Fernando Tuesday, 07 July 2020 06:27 AM
මේ නිරෝධායන ක්‍රියාවලියේ අඩුපාඩුවක් තියෙනවා. පිරිස් සමූහ වශයෙන් රඳවා තැබීම අවදානම්. එක් එක් අය වෙනවෙනම රඳවා තැබීමට ක්‍රියාකළ යුතුයි. නැතිනම් මෙය තවත් වැලිසර කඳවුරක් විය හැකියි.
sena Tuesday, 07 July 2020 07:48 AM
ඒ කියන්නේ තවම සාමාන්‍ය මහජනයා අතරේ වෛරසය තියෙනවා. දෙවැනි රැල්ල ශුවර් එකටම එනවා. මගෙ අම්මෝ..!! මම නම් ඡන්දෙ දාන්න යන්නේ නැහැ.