
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රනිල්ලා සජිත්ලා කියන්නේ ජාතික ආරක්ෂාව බින්දුවට දාපු නායකයන් බව සභානායක,ප්‍රවාහන මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාස්කු ප්‍රහාරය යනු ලංකාවේ හෘද සාක්ෂියේ සිදුරක්.මෙහි සැබෑ මෙහෙයුම්කරුවන් කවුදැයි අධිකරණය ක්‍රියාවලියක් හරහා ඔප්පු කළ යුතුයි.පාස්කු ප්‍රහාරය හරහා රාජපක්ෂලාට නැවත බලයට එන්න තත්ත්වයක් නිර්මාණය කරගන්න අවශ්‍ය වී තිබුණා.රනිල් සහ මෛත්‍රී අතර දේශපාලන ප්‍රතිවිරෝධයක් නිර්මාණය කර එක පැත්තකින් ඒ තත්ත්වය නිර්මාණය කළා.ජාතිවාදී සිංහල සහ මුස්ලිම් කණ්ඩායම් රාජපක්ෂලා විසින් 2013 සිට නිර්මාණය කර තිබුණා.මුස්ලිම් විරෝධයක් මුලින් ගොඩනැගුවා.ඒ දේශපාලන අපරාධ කරුවන් සමග අත්පුඩි ගහන විට අපේ හෘද සාක්ෂිය පත්තු වෙනවා.මෙවැනි ප්‍රහාරයක් ගැන බුද්ධි තොරතුරු කොතෙකුත් ලැබී තිබුණා. ඒවා ගණන් ගත්තේ නෑ යැයි සභානායකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත...
එතකොට රාජපක්ෂලා?
ළාමක ටින් ටින් නම් ජාතික ආරක්ෂාව කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති කෙනෙක් වගේ? සූත්තර පුන්චා ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
රනිල්ලාගේ කාලේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවේ කවුද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශ්ව විද්‍යාල උපකුලපතිවරු ආදී මිනිසුන් මරාදම්මේ කවුද? බැංකු කර්මාන්තශාලා ගිනි තියලා ආර්ථිකය අඩපණ කලේ කවුද? රජයේ කාර්යාල ගිනි තියලා, බස් ගිනිතියලා සමස්ත රාජ්‍ය තන්ත්‍රයම අර්බුදයකට දැම්මේ කවුද? කවුරුවත් නෙවේ ජවිපෙ මිනීමරුවන්...
අන්න ඒකට මහ මහේන්ද්‍ර, මිනිහා වාහනේ යද්දී ජාතික ආරක්ෂාව දෙපැත්තෙන් දුවගෙන යන්නේ.
බබා වගේ හැසිරෙන්නේ...
රට පුරා මහ ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙනතුරු බකං නිලාගෙන හිටියා, එදා ඒ.ජා.ප.ය නියෝජනය කළ වර්ථමානයේ ස.ජ.බ නියෝජනය කරන දේශපාලන තක්කඩි රැළ අද තැන තැන පාතාලයේ එවුන් ගහ මරාගන්නා විට ජාතික ආරක්ෂාව අනතුරේ කියලා විලාප නගන එක තරම් විහිළුවක් ලොවෙත් නැතුව ඇති...!
මහ මොළකරුවන්ට
ඒක සම්පූර්ණ ඇත්ත. නැතිනම් අතුකෝරළ මන්ත්‍රීතුමා මහපාරේ මරන්න අවස්ථාවක් ජවිපයට ලැබෙන්නේ නැහැ.