
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විජලන තත්ත්වයක සිටින්නේ යැයි ද හරි ප්‍රතිකාර නොකෙරුණොත් හෘදයාබාධ, වකුගඩු ආබාධ සහ වෙනත් සංකූලතා පැන නගින්න හැකියාව ඇතැයිද කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවැසීය.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ බව පැවසූයේ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කිරීමෙන් අනතුරුව මේ වන විට ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
රනිල් වික්‍රමසිංහ මහතා ලබන අඟහරුවාදා අධිකරණයට ඉදිරිපත් කරන්නට නොහැකිදැයි මෙහිදී මාධ්‍යයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් රුක්ෂාන් බෙල්ලන මහතා පැවසූයේ" උසාවිය එන්න බෑ නේ ඉතින් මේ දැඩි සත්කාර ඒකකයේ ඉන්න මනුස්සයෙක්" යනුවෙනි.
හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විස්තර කරමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මෙසේද කීය.
මම හිටපු ජනාධිපති බලලා ආවේ. ඔහුට විජලන තත්වයක් විය යුතුයි.ශරීරයේ ලේ වල සහ වෙනස් සලකුණු වල යම් යම් වෙනස් වීම් දකින්න පුළුවන්.
දවස් තුනක් වන තුරු එතුමා දැඩි විවේක කාලයක තැබිය යුතුව තිබෙනවා.විජලනයට ප්‍රතිකාර කරන්නත් ඕන. එය කළේ නැතිනම් හෘදයාබාධ වකුගඩු ආබාධ සහ වෙනත් සංකූලතා පැන නගින්න හැකියාව තියෙනවා.
ඒ නිසා දැඩි නිරීක්ෂණ තත්ත්වයක් යටතේ වෛද්‍ය කණ්ඩායම් කිහිපයක්ම ඔහු මේ වෙලාවේ බලා ගන්නවා.දවස් දෙක තුනක් යද්දී ඔහුගේ තත්ත්වය හොඳ අතට හැරෙන්න පුළුවන් කියා අප කල්පනා කරනවා.බැරි වෙලාවත් හරියට ප්‍රතිකාර නොකෙරුනොත් සංකූලතා වර්ධනය වීමට හැකියාව තියෙනවා.දැඩි සත්කාර ඒකකයේ ඔහු රඳවා තිබෙන්නේ ඒ නිසයි.
ප්‍රශ්නය:- ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් නැද්ද?
පිළිතුර:- උසාවිය එන්න බෑ නේ ඉතින් මේ දැඩි සත්කාර ඒකකයේ ඉන්න මනුස්සයෙක්.
ප්‍රශ්නය:-ඒ කියන්නේ ඔහුට ඒ තරම් අමාරුද?
පිළිතුර:-
ඔහු ඉන්නේ විජලන තත්ත්වයක.එදා ඔහු උසාවියේ පැය දහයක් විතර රැඳී සිටියා.කරන්ට් එකක් නැති වෙච්ච නිසා අධික රස්නයක් තියෙන්නත් ඇති.ඒක නිසා ඔහුට වතුර ටිකක් වත් බොන්න නැති වෙන්න ඇති.කෑම ටිකක්වත් කන්න නැතුව ඇති.විජලනය නිසා ශරීරයේ ඇතිවෙන්න පුළුවන් සංකූලතා තිබෙනවා.එවැනි තත්ත්වයක් උදාවී ඇති.
දැන් ඔහුට දැඩි සත්කාර ඒකකයේ දැඩි නිරීක්ෂණයක් කෙරෙනවා.හරියට බලා ගත්තොත් තව දවස් තුනකින් විතර යථා තත්ත්වයට පත්වේවි.දැඩි සත්කාර ඒකකයේ පිහිට නැති වුනොත් ඔහුට විජලනය කියන තත්ත්වයෙන් හෘදයට සහ මොළයට බලපාන සංකූලතා ඇතිවිය හැකියි.
ඉදිරි පැය 24 ත් අප දැඩි නිරීක්ෂණයක් කරනවා යැයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ලොකු සේවයක් කරපු කෙනෙක් නිසා හොන්දට බලාගන්ඩ වෙයි.තමුන් කරපු කියපු දේවල් හර්ද සාක්ෂිය දන්නවා?
මේ වෛද්‍යතුමා රනිල් මහතාගේ රඹුටන් වත්තේ හොඳටම ගෙඩි කඩපු කෙනෙක් නොවැ.. එතුමටත් මේ වෙච්ච දේට හිතට අමාරු ඇති.
හරි ඉතින් වයසක මනුස්සයක්නෙ. ඒක තමයි හැම ඉස්පිරිතාලයක් ගාවම මල් ශාලාවක් තියෙන්නෙ
ඔය ඩිංගට විජලනේ වෙන කෙනෙක්ද ජනාධිපතිකම ඉල්ලුවේ?
අනේ මංදා, මෙයාගේ ලෝයර් ඇප ඉල්ලන වෙලාවේ නම් කිව්වේ මේ සතියේ ඉංදියාවේ ට්‍රිප් එකක් දාගෙන තියෙන නිසා ඇප දෙන්න කියලා...
අනේ අපි නොදන්න බෙල්ලනයගේ දොස්තර කම. මතක ඇති කාලෙකට ලෙඩෙක් බලලා බේතක් දීලා නැති උන්දෑ කෙනෙක්...
එහෙව් එකෙක්ද පක්ෂෙක නායක කම් කරන්නේ, ජනාධිපති වෙන්න ඉල්ලන්නේ...
මෙයාට වතුර පොදක් දෙන්න එකෙක් එතැන හිටියේ නැද්ද අම්මපා...
ඇසිය යුත්තේ සිහි බුද්ධියෙන්ලු. හැමෝම දන්නවා ICU එකේ ඉන්නවා කියන්නේ වෛද්‍ය කාර්ය මණ්ඩලය හැරුණු කොට ළම හිතවතුන්ට පමණක් සීමා වෙච්චි ස්ථානයක් කියා... ඒත් නොයෙකුත් දේශපාලකයෝ කියන්නෙ බලන්න ගියා කියලා. වගකීම රෝහල් පරිපාලනය දැරිය යුතුයි නේද?
එසේ කලේ නැත්නම් හෘදයා බාධයක් ඇති වෙන්න පුළුවන් කියන කතාවේ තේරුම මොකක්දර? එතුමා ඉන්නේ ඔක්කෝම පහසුකම් තියන රෝහලකනේ....
උසාවියේ කරන්ට් කපලා, රනිල්ට කන්න බොන්න නොදී විජලනයට පත්කරලා ඕන කලේ රනිල්ව මරාදාන්නයි. මිනීමැරීම ඒගොල්ලන්ගේ පුරුද්ද...
දැන් පාණ්ඩුවේ ගස් වෙදා ඇවිත් ඔවුන්ගේ විශ්ලේෂණය දාවි. ඔවුන් වෙදකම් දන්නවා දොස්තරවරුන්ටත් වඩා...
ප්ලෑන් කරලා කරන්නේ අවුලක් නැහැ...
C K L කියන්නේ රෝහල් වල ඉන්න අය මැරෙන්නේ නැහැ කියලද?
අනේ දන්නැති කමටයි අහන්නේ, ඔය වගේ දේවල් වෙන්නේ අත්අඩංගුවට ගත්තාට පස්සේ විතරයිද?
හොඳ වෙලාවට කලින් සූදානම් කරගෙන හිටිය ඉන්දියාවේ සහ නේපාලයේ සංචාරයට යන්න බැරි වුනේ. එහෙම ගියානම් " විශාල කරදරයක්" වෙන්න තිබුණා නේද ?
රනිල් විතරක් නෙමේ. ගොනෝ.... අනිත් අසරණ මිනිස්සුත්. ඒ වගේ. රනිල් හොරාකාපු නිසා පපුව ගැහෙන්නේ. මොනවා වුණත් මොවුන් එකතුවෙලා කෙහෙලියත් එක්ක කරපු ඩීල් බෙහෙත් තමයි දෙන්නේ. හිතුවේ නැහැ කෙහෙලියගේ බෙහෙත් බොන්න වෙයිකියලා... දැන් සැපද?
ඒ කියන්නෙ රනිල්ට මීට පස්සේ කිසිම නඩුවකට එන්න විදියක් නෑ. උසාවියෙදි එයා විජලනය වෙනවා...
මුළු ජීවිත කාලයම ටැක්ස් පේයර්ලාගේ සල්ලි වලින් සැප විදලා මෙයා තවත් අපිට කරදර කරනවනේ...
"රනිල්ට පුළුවන්" කියලා නේද පහුගිය ඡන්දෙදි කිව්වේ...?
විජලනේ වුනේ මොකද? බඩ යන්න පටන් අරන්ද?
අනේ එහෙමද?
බටලන්දේ තරුණ තරුණියන් කීදෙනෙක් මැරෙන්න ඇතිද ? හරි ප්‍රතිකාර නොවෙයි මොනම ප්‍රතිකාරයක්වත් නැතුව එතකොට මොකෙක්ගේ වත් මෙහෙම ඉත්තෑවෝ දිව්වේ නැහැ නේද ?
විකාර කියවනවා. හරියට ප්‍රතිකාර දෙන්න ඕනෑ නිසානේ ජාතික රෝහලට එව්වේ...