(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අපේ රටෙි නායකයන්ට "කෙලවුන"තැන වැඩක් බාරදී ඒ වැඩේට ඇඟිලි ගැසීම යැයිද රනිල් වික්‍රමසිංහ ළඟ ඒ ලක්ෂණය නැතැයි ද ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"කිව් ආර් කෝඩ්" වැඩේ කරගෙන යන්නැයි ජනපති කංචන විජේසේකරට බාර දී ඊට ඇඟිලි ගහන්න ගියේ නැතැයි ද අද කිව්.ආර් ක්‍රමය සාර්ථක වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
"අපේ හිටපු නායකයත් වැඩක් බාර දී ඇඟිලි ගහනවා.මේ මොහොතේ අවශ්‍ය වන්නේ රට සුව කරන ජනාධිපතිවරයෙක්.හැම දේම හරි යන්නේ නැතැයි කියන" චව් චව්ලාට" ජනාධිපති වෙන්නට බැහැ යනුවෙන් ද අයවැය විවාදයට එක්වෙමින් හරීන් ප්‍රනාන්දු මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ කතාව හරි... නමිනුත් ඔබතුමා හරීන්...
රනිල්ට නැති අනෙක් අයට ඇති ඒවා නම් කොච්චර තියනවද?
හරීන් මුලදී ඔබත් ඔය විදියට හැසිරුණා. නමුත් ඔබටම අවබෝධ වුණා රට ගොඩඑන්න ක්‍රියාවෙන්ම කරලා පෙන්වන්න ඕනෑ කියලා..! ඉන්පසු ඔබ සංචාරක අමාත්‍යංශය බාරගත්තා.! ඔබේ උනන්දුව නිසා මෙවර බොහෝ රටවලින් සංචාරකයින් ලංකාවට ඒමට තීරණය කරලා. රට වෙනුවෙන් විපක්‍ෂ නායකයා මේ වෙලාවේ කියන කතා හරිම බොළඳයි...! ඒකටම හරියන සෙවනැල්ල තමයි අනුර කුමාරගේ කතා..! රට වෙනුවෙන් කෙසේවෙතත් 'රට්ටු' වෙනුවෙන් එතුමා කතාවට දක්‍ෂයි..! කෙටියෙන්ම ලියනවා නම් රනිල් දක්‍ෂ පලපුරුදු නැව් කපිතාන් වරයෙක්.. එතුමා වැඩ කරන්නාට බාරදීලා නැව හරි දිශාවට යත්‍රා කරනවද කියලා තමයි බලන්නේ.. මේ ආර්ථික උද්ධමන කුණාටුවෙන් රටම බේරාගන්න...!.
අනෙක් නායකයන්ට තිබෙන, රනිල්ට නැති ඒව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒවා දන්නෝ දනිති.
ළමයි...!
ඒක අපි දන්නවා. තිබුණානම් එයාගේ දරුවනුත් දැන් දේශපාලනයේ...!