
(මනෝප්‍රිය ගුණසේකර)
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සුරා බදු පනතට පටහැනි අන්දමින් නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මගින් මුදල් ඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීිරණය කළේය.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ 2024 ජූලි 26 වැනිදා සිට ජනාධිපතිවරණය පැවැත්වූ 2024 සැප්තැම්බර් 24 වැනිදා තෙක් මාස දෙකක කාලය තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍ර වලට අදාළ තොරතුරු සහ 2024 වසර තුළ අලුතින් නිකුත් කළ මත්පැන් බලපත්‍ර වලට අදාළ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය සුරාබදු කොමසාරිස් ජනරාල් වරයාට වැඩිදුරටත් නියෝග කළේය.
ග්‍රෙෂ්ඨණාධිකරණ විනිසුරුවරුන වන යසන්ත කෝදාගොඩ , ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
මාතලේ ප්‍රදේශයේ පදිංචි තංගවේලු ධනේන්දරාජා ඇතුළු පිරිසක් ගොනු කර තිබු පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ඒ. ගුණසිරි, අතිරේක සුරාබදු කොමසාරිස් ඒ.එම්.පී.අරම්පල, නියෝජ්‍ය කොමසාරිස්වරුන් වන සී.ජේ.ඒ වීරක්කොඩි, යූ.ඩී.එන්. ජයවීර සහ මුදල අමාත්‍ය ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරු සහ, අල්ලස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු 39 දෙනකුට නම් කර ඇත.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසගිය ජූලි 26 වැනිදා සිට ජනාධිපතිවරණ පැවැති සැප්තැම්බර් 21 වැනිදා අතර කාල සීමාව තුළ වගඋත්තරකරුවන් සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනිව යමින් මත්පැන්හල් බලපත්‍ර ගණනාවක් නිකුත් කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ අදාල බලපත්‍ර අහෝසි කරන්නැයි ඉල්ලා සිටිති.
පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නැයිද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
ඉදිරිපත් වු කරුණ සළකා බැලීමෙන් අනතුරව අදාළ නියෝග නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයට ගැනීමට තීිරණය කළේය.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රනිල්ට එරෙහි පෙත්සම් දෙකක් විභාගයට
ගුණරත්න Tuesday, 03 June 2025 05:31 PM
මේ ආණ්ඩුවත් අරක්කු නිෂ්පාදන බලපත්‍රයක් හෙන්චයියෙක්ට දුන්නා කියල අපට අහන්න ලැබුනා
Kapila Tuesday, 03 June 2025 10:20 PM
රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නඩු ට්නීදුව ලැබෙයි. ඊට ප්පස්සේ ජොලි සීය ජොලියේ ඉඳී. අපරාදේ අධිකරණයේ කාලය. මේ වගේ ම තීන්දුවක් ලැබුන මහින්ද, බැසිල්, ගෝට, කබ්රාල්, පී බී ජයසුන්දර සහ මහාචාර්ය ලක්ෂ්මන් රටේ ආර්ථිකය කඩාවැටීමට වගඋත්තරකරුවන් ලෙස. ඒ අය තාමත් ජොලියේ ඉන්නවා. අහෝ ලංකාව!!!