
(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේගය එක පැත්තකින් අපනයන ආර්ථිකයකට යන බව කියන අතර තව පැත්තකින් ආනයන ආර්ථිකයකට යන බව කියන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොරවක ජනපතිවරණ ජනරැළිය අමතමින් අද (6) පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ එක පැත්තකට යන විට ජාතික ජන බලවේගය තව පැත්තකට යන බව කී ජනාධිපතිවරයා මෙම පරස්පර විරෝධී කතාවලට අනුර කුමාර දිසානායක හෙට (7) පැවැත්වෙන ජාජබ මොරවක ජනරැළියේදී පිළිතුරු ලබාදිය යුතු බවද සඳහන් කළේය.
මෙවැනි පරස්පර විරෝධී ප්‍රකාශ නිසා මාලිමාව අද කැරකෙන්නේ මොන පැත්තටදැයි හිතාගන්නට නොහැකි වී ඇති බවද ජනාධිපතිවරයා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.